Posts

Showing posts from October, 2020

හරි දැක්ම

Image
  හරි දැක්ම කෙටිකතා සංග්‍රහය තුළ , අතරමං වූවෝ  නම්බුව හරි දැක්ම  සුවඳ  රෝස පඳුර  යකා ගහල අවබෝධය විචාරකයා  සොහොන් කෙත  අනුන්ගේ දුකට පිහිට වනු  හිඟන්නී චන්ද්‍රානි පින්තූරය  නැමැති කෙටිකතා දහතුනක් සමන්විතවේ .බී.පී මල්ලව ආරච්චි විසින් රචිත මෙම කෙටි කතා සංග්‍රහය ගම්පහ සරසවි මුද්‍රණාලයේ ප්‍රකාශනයකි. 1963දී රචිත මෙම කෘතිය පිටු 62 කින් සමන්විතය .එකල එහි මිල රුපියල් එකයි ශත පනහකි. කෘතියෙහි ඇතුළත් වන්නේ මීට අවුරුදු කිහිපයකට පෙර රචකයා විසින් වරින් වර රචනා කරන ලද කෙටිකතා කිහිපයකි .ඉන් පළමු කෙටිකතා ඔහු කෙටිකතා පිළිබඳව කිසිත් නොදැන ම නීති රීති හා රාමු පිළිබඳ නොදැන මම සිදුකළ රචනාවන් වේ.ඒ හේතුවෙන් ඔහු තුළ ඒ පිළිබඳව යම් නිළියක් ඇතිවන බව ඔහු සඳහන් කොට තිබුණ ද කෙටිකතා වල සාර්ථකත්වය සඳහා රාමු නොදැන නීති රීති අනුගමනය නොකරමින් නිදහසේ රචනාවේ යෙදීමෙහි අනුහස් බලපා ඇති බව කිව යුතුමය.කෙටිකතා තුළ සෑම විටම පාහේ ජනවහර භාවිතා කොට ඇති අතර වඩාත් සරල සුගම සිංහල භාෂාවක් භාවිතා කරමින් සියලුම ආකාරයෙහි බුද්ධි මට්ටම් වල පාඨක ප්‍රජාවට ආමන්ත්‍රණය කිරීමට කතුවරයා මහත් උත්සාහයක් දරා ඇත...

නන්දිමිත්‍ර

Image
1955දී කොළඹ mount යන්ත්‍රාලය විසින් ප්‍රකාශයට පත් කොට ඇති නන්දිමිත්‍ර නම් ගද්‍ය කෘතිය රොසලින් මැන්ඩිස් නම් කතුවරයා විසින් රචනා කරන ලද්දකි.කෘතිය තුළ සාකච්ඡාවට බඳුන් වනුයේ දුටුගැමුණු රජතුමා ගේත් දැහැමි එළාර රජතුමා ගේත් කාලයෙහි ලංකාවේ සිදු වූවක් සිදුවූවක් ලෙස රචනා කොට ඇති සිද්ධි දාමයන් සමූහයකි.එකල ජනජීවිතය පිළිබඳව සහ රාජ්‍ය පාලනය පිලිබදව ද නිර්මාණශීලී ප්‍රවේශයක් ඔස්සේ මෙම නවකතාව ගොඩනැංවීමට කතුවරයා සමත් වී ඇත.ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ ඓතිහාසික යුගයන් පිළිබඳ අවධානය යොමු කරන විට ඒ අතර ඇති ශ්‍රේෂ්ඨතම අවදිය එළාර දුටුගැමුණු අවදිය වන නිසාවෙන් මෙම කතාව ප්‍රතිනිර්මාණය කිරීමට එම සමය තෝරා ගත් බවයි.ඔහු විසින් බොහෝ කලකට පෙර ලියන ලද මෙම කතාව නැවත විචාරාත්මක කියවීමෙන් පසු  රචනයෙන් බොහෝ කලකට පසුව මුද්‍රණය සඳහා යොමු කළ බව ඔහු පවසයි.මෙහි එන චරිත අතීත රජවරු ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් සහ බිසෝවරුන් ඇතුළු සේනාව වේ ඊට අමතරව ගැමි බව නිරූපණය සඳහා විවිධ චරිත ද මීට එකතු කොටගෙන ඇත.වඩාත්ම වැදගත් කාරණය නම් මෙම කෘතිය කියවන විට අධ්‍යාපන චාරිකාවක් මෙන්ම අතීත චාරිකාවක් ද මනෝකාය තුළින් ඇවිද යන්නාක් මෙන් දැනීමයි. කෘතිය තුළ...

අලාලෝක හිමිදිරිය

Image
 ශ

හෙටක් නැති ලොවක්?

Image
  "අඹ යහළුවෝ"යොවුන් නව කතාවෙන් අප සිත් වශී කළ ටී. බී. ඉලංගරත්නයන්ගේ රසවත් නවකතාවක් ලෙස හෙටක් නැති ලොවක්? කෘතිය පෙන්වා දිය හැක. "හුඟක් දුර දිග ගිහින්ද රොමානිස්?"මැතිණිය ඇහුවා. "මං හිතන්නේ නෑ, මැතිණිය,චොකලට් පෙත්තකට ගංගා කෙල්ලයි මගේ පොඩි එකයි පොර කනවා දැකලා මං ගහලා ඇහුවා. ඒ පාර කිව්වා පුංචි මහත්තයෙක් දුන්න කියල.ඊයේ පුංචි මහත්තයා ඇවිල්ලා තියෙන්නෙ අපේ ගෙදර එක්කෙනා පාන්දර ඉස්පිරිතාලෙ වැඩට පිටත් වෙලා යනවත් එක්කම. පොඩි එකත් ඉඳල තියනව. මම ගේට්ටුවෙ මුර."රොමානිස් කසුකුසුවෙන් කීවා. "උඹ ඉතින් ඕක ගැන අණ බෙර ගහන්ට එපා" "අනේ මැතිණිය අපට පුළුවන්ද උඩ බලාගෙන කෙළ ගහන්ට? ඒක තමයි කිසි කලබලයක් කරන්නෙ නැතුව මම මේ ආවේ ඔබවහන්සේලාට කියන්නට" "හොඳයි රොමානිස් උඹ කෙල්ල පරෙස්සන් කරගනිල්ලා. අපි ඒ පුංචි මහත්තයා හදාගන්නම්"පුණ්යතිලක කීවා. ගංගා නමැති අඩු කුලයේ කෙල්ලක සහ සිසිර ,කීර්ති නැමැති නවක මිතුරු නීතිඥවරුන් දෙදෙනෙකු ගේ ප්‍රේම අන්දරය ,නම්බුකාර පුණ්යතිලක පවුල අතර දෝලනය වන අපූර්ව සිද්ධිදාමයක් මෙම කෘතිය තුළ සාකච්ඡාවට බඳුන් වේ. සමාජ සීමා, සංස්කෘතික සීමා හෝ කුමන ...

හොඳ නරක

Image
  1960 වසරේදී එස්බී කීර්තිසේන මහතා විසින් රු රචිත හොඳ නරක කෘතිය අපූරු කෙටිකතා 10 කින් සමන්විත නිර්මාණ සංග්‍රහයකි. ඒවා නම්, අපරාධය පලිගන්නවා රක්ෂා හොරු විවාහය එල්ලුම් ගහ ලැජ්ජා නැතිකම අත්දැකීම් අතීතය කාටද පිස්සු? හොඳ නරක වේ. "ඒක සුළු දෙයක් තමුසෙත් මම වගේ කෙනෙක් නිසයි මම මේ කියන්නේ, හැබැයි ඒ ජොබ් එක දාස පටන් ගන්න එපා." "අපොයි නෑ" "එහෙනම් දැනගන්නවා මම දාලා තියෙනවා තැපෑලෙන් උගන්වන පාසැලක් එකේ ගුරුවරයා මමයි. ඉතින් පත්තරේ දානවා"ඕනෑම විභාගයකට තැපැලෙන් උගන්වමින් අසමර්ථ වුවහොත් සියලුම මුදල් ආපසු ගෙවනු ලැබේ කියලා. එතකොට ලංකාවේ හැමතැනින්ම ළමයි ලියුම් එවනවා.විස්තර යවනවා ඇතුලත් වීමේ ගාස්තුව රුපියල් පහයි. ඔය හැම විෂයකටම තියෙන ඉස්කෝලේ පොත් ටිකක් ගෙනල්ල ඒ වල තියෙන පාඩම් ටයිප් කරලා ළමයින්ට යවනවා." "ඉතින් විභාගෙන් පේල් උනහම මුදල් ඉල්ලන්නේ නැද්ද?" "විභාග වෙනකල් කවුරුත් ඉගෙන ගන්නේ නෑ මාස දෙකයි නැත්නම් තුනයි. වැඩිම වුණොත් හතරයි ඒ උනාට සැමදාම මට රක්ෂාව තියෙනවා. සුමානෙකට සැරයක් හැම සිංහල පත්තරේම දැන්වීම් පළ කරනවා""තමුසේ හරි යකෙක් නොව"ඔහුගේ කතාව...

මල් වැස්සක් වසින තුරා

Image
  "දාපන් ඩෝ සත දහයක් බීඩියක් බොන්ඩ" බාටොන් අල්ල දික් කළේය. "සතයක් වත් මං ගාව නැහැ බං" "උඹ ලඟ කවදද ඩෝ සල්ලි තියෙන්නේ කාලකන්නියා." "අපි තවම ඉගෙන ගන්න ළමයි නේ" "ඉගෙනගෙන කාටද බං හරි ගියේ" කිවූ බාටෝන් අහක බලා ගත්තේය. "උඹේ ඔය කකුල බැඳල තියෙන්නෙ ඇයි?"  බාටෝන්ගේ දකුණු පය දෙස බලමින් මම ඇසුවෙමි. "වෙන් ඇයි වෝකින් ඉන් ද පුවක්වත්ත ලේන් තඩි බල්ලෙක් මගේ ඇඟට පැන්නා නේ"   බාටෝන්  පැවසුවේ තමා ඉංගිරීසිත් සිංහලත් දන්නා බව අඟවන්නට ය. මල් වැස්සක් වසින තුරා කෘතියෙහි 23 වන පිටුවෙහි ඉහත ඡේදය දක්වා ඇත. මෙහි බස ඉතා සරලය.නමුත් උපහාසය දැක්වීම් එහිලා එම බස් වහර වඩාත් උචිත පරිදි යොදා ගැනීමට මෙහි කතුවරයා වන නීල් විජේරත්න සමත්ව ඇත.කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ එවක (1970‍)ශිෂ්යයකු ව සිටි නීල් විජේරත්න නිර්මාණකරුවා මෙම නව කතාව රචනා කරනුයේ ඔහුට වයස දාහතක් ව තිබිය දී ය.උත්සාහයෙන් උගනිමින් තමාගේ මෙන්ම තම දුප්පත් පවුලේ ද අනාගතය වෙනස් කරන දිරිය දරුවකු පිළිබඳව මෙම කෘතියෙහි විග්‍රහ වේ.පිටු ප්‍රමාණයෙන් කුඩා නවකතාවක් වුවත් දුප්පත්කම සමාජය වශයෙන් මෙන්ම තවත් බොහෝ ...

චිත්‍ර වධය

Image
  ලෝකයේ මරණීය දණ්ඩනය දීම ආරම්භ වූ ආකාරය, එහි විවිධ ක්‍රම සහ මරණ දණ්ඩනය ආශ්‍රිත තවත් බොහෝ කරුණු අනාවරණය කරන වැදගත් පර්යේෂණාත්මක කෘතියක් ලෙස චිත්‍ර වධය කෘතිය පෙන්වා දිය හැකිය.ලංකා විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු වන සී. එච්. එස්. ජයවර්ධන මහතා විසින් 1964 දී මෙම කෘතිය රචනා කර ඇත.පරිච්ඡේද 12 කින් සමන්විත මෙම කෘතියේ දක්වන්නෙ සමාජ තත්ත්වය මත මරණ දඬුවම් වර්ග ක්‍රියාත්මක වන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට බොහෝවිට වෙනස් වන බවයි.  දැනුදු ප්‍රංසයෙහි පවත්නා ගිලටීන් ක්‍රමයෙන් කෙරෙන්නේද හිස ගසා දැමීම පමණක් ම බවත්,මරණයට නියමවූ සියල්ලටම සම සේ මෙම එකම දඬුවමට ලබාගැනීමේ වරප්‍රසාද සලසන එක එකම රට ප්‍රරංසය බවත් මෙහිදී කිව යුතුය.නිලධාරීන් විසින් වරදට පත් වන අය සමාජ තත්ත්වය අනුව වෙනස් වෙනස් විදියෙ මරණ දඬුවම් වලට කැප කිරීම අසාධාරණ බැව් මුල් කාලයේ එරට වරින් වර පහළ වූ විප්ලවයන් ගෙන් මහජනයා තේරුම් ගැනීම මෙයට හේතුවිය හැකිය .මරණ දඬුවමට පැමිණිය යුතු කිසියම් වරදකට හසු වූ පුද්ගලයා කවර සමාජ තත්ත්වයක් ඇති කුමන පුද්ගලයෙක් හෝ වේවා ඔහු එම තත්ත්වයට පත් අනෙක් වරදකරුවෙකුට වඩා උසස් බවක් හෝ පහත් බවක්...

රන් කලය

Image
  ධර්ම ශ්‍රී ගුණපාලයන් විසින් 1973 වර්ෂයෙහි රචිත රන් කලය කෙටිකතා සංග්‍රහය, ලාංකීය ගැමි සුවඳ විදීමට කැමැත්තහු විසින් කියවිය යුතුම කෘතියකි. එවක මෙම කෘතියෙහි මිල රුපියල් හතරකි. "මේ කතා කියවන ඔබට ඔබේ අතීතය ඇසුරින් කතාවක්වත් සිහිගැන්වූ වුණොත් මට ඒ ඇති." ලෙස ධර්මශ්‍රීී ගුණපාලයන් පෙරවදනෙහිි දක්වා ඇත. කෘතියෙහි එන, අම්මගේ අගේ ගමට ගියා කන්දෙ නැන්දා හැර මඟ බාප්පා සරම් හාමුදුරුවෝ හේවා රාළ පලා යාම කුඩා විදානේ හැරමිටි සීයා ගම් පාළුව  යන කෙටිි කතා කතා කියවන විට කතුවරයා විසින් පෙරවදන හි දක්වා ඇති පාඨයේ ඇති අව්‍යාජත්වය මැනවින් පිළිබිඹු වේ. ඇතැම් විටෙක නූතන සමාජ සම්මතයට එහා ගිය සමකාලීන සමාජ සිද්ධීන් පවා මෙම කෘතියෙහි විග්‍රහ වේ. "සුවාරිස් අප්පු" "ඇයි විදානෙ මහත්තයා" "අර මුල්ලෙ තියෙන කැටය ගලවලා එය කඩා සත පනහේ රිදී කාසි ගණින්න හොඳයි." සීයා ඇටය කැඩුවා. කාසි ගැන්නා. "කීයද ? සුවාරිස් අප්පු?" "හැට එකයි විදානෙ මහත්තයා" "එහෙනම් සුවාරිස් අප්පු දැනගන්න හොඳයි ඔයෙ මං ආශ්‍රය කරපු ගැහැණු ගණනයි." "අර පෙට්ටගමෙ ඒ ඇති පරණ පොල් කැටයක රිදී රුපියලේ කා...

බිඳුණු හදවත

Image
"   අම්මේ! අම්මේ! අන්න ඇසලින් නැන්දා ඉන්නවා" යැයි චන්ද්‍රවතී නංගි කීවා ය. අම්මා ඇසලින් රෙදිනැන්දා දෙස බලා කට කොනකින් සිනා වී," ආ ඇසලින් තනියමද ආවේ "යැයි ඇසුවාය. "නැහැ මේ ළමයත් එක්ක" යැයි ඇය කීවාය. ඇසලින් ද  වාඩිවී සිටියේ අප සිටි බංකුවේ ම ය. චන්ද්‍රවතී නංගී එක පාරටම "ඇයි අම්මා ඇසිලින් ට අපි ඉන්න බංකුවේ වාඩි වෙන්න ඉඩ දීලා තියෙන්නේ? එයාට අර පැදුරක් එළා දෙන්නැ"යි කීවා ය. අම්මා එවිට " දුව මේ කෑගහන්නෙ නැතිව ඉන්න .මේ ගෙදර නෙවෙයි පන්සලේ. පන්සලට ආපුවාම ඔය කතා කියන්නේ නැතිව ඉන්නැ" යි කීවාය. "ඇයි අම්මා ඇසලින් ගෙදරට ආපුහාම එයාගෙ තියෙන වෙනස මොකද්දැ?"යි චන්ද්‍රවතී නංගි ඇසුවාය. චන්ද්‍රවතී නංගි දෙස ඇස් දෙක ලොකු කර බැලූ අම්මා, ඇයට ටොක්කක් ඇන්නා ය." ආයිත් චන්ද්‍රා ඔය කතාව මෙතන කතා කළොත් පන්සල් එක්කරන් යන්නෙත් නැහැ "යි අම්මා කෝපයෙන් ගිගිරුවා ය. අසල සිටි ඇතැම් මිනිස්සු ද අප දෙස බැලූහ. ඇසලින් රෙදි නැන්දා අම්මා දෙස බලා කට කොනකින් මදක් සිනාසුනා ය .මම මදක් අම්මාගේ මුහුණ දෙස බැලුවෙමි. එවිට ඇය කෝපයෙන් කිසිවක් කර ගැනීමට නොහැකිව පසුවන බව වටහා ග...

රන්කැටි පුතා

Image
  " ගතානුගතිකත්වයෙන් හැකි පමණ මිදී ලියැවුණු මෙම කෙටිකතා කිහිපය විශාල පර්යේෂණයක යැයි අපි නොකියමු.එහෙත් නුතන කෙටිකතාව වැටී ඇති දුක්ඛිත ඒකාකාරී බවින් මුදා ගැනීමට මේ කෙටිකතා සංග්‍රහය මද වශයෙන් හෝ සමත් වුවහොත් ඒ අපගේ ප්‍රයත්නය සාර්ථක වී මේකැයි හඟිමු." රන්කැටි පුතා කෙටිකතා සංග්‍රහය ආරම්භයේ දී මෙම කෘතියෙහි සංස්කාරකවරුන් වන මුනිදාස සෝමතිලක, තිස්ස සෙනරත් පීරිස් සහ තෙ. බුද්ධදාස නම් නිර්මාණකරුවන් විසින් ඉහත පරිදි දක්වා ඇත.එයින් පැහැදිලි වන්නේ කෙටිකතාවක් පත්ව තිබූ ඉරණමින් මුදවාගැනීමේ සද් -චේතනාවෙන් මෙම කෙටිකතා සංග්‍රහය පළ කර ඇති බවයි. රංගජීව සල්ගාදු - සතුට සහ උදාසීනත්වය නිව්ටන් ගුණසේකර - රන්කැටි පුතා ආරියදාස සෝමතිලක - නික්ම යෑම සිරිසේන අමරසේකර - පියෙකු ගේ කතාවක් තෙ. බුද්ධදාස -  දෙපා ලත් සැනසුම ජයකොඩි සෙනවිරත්න- පන්සල, කරත්තය සහ මාමා තිස්ස සෙනරත් පීරිස් - ශෝකාන්තයක් තුසිත මලලසේකර - ඝාතනය මෙරිල් පෙරේරා -කාටත් පිස්සු පියදාස රත්නසිංහ - තිරිසන්නු උපාලි දයාරත්න සිගේරා - ඇගෙ සිනහව මුනිදාස සෝමතිලක - අත්වැරැද්ද සිරිපාල දුමින්ද දොඩාවත්ත - ආදරයට දවස් හතයි මා.ආ. පේමසිරි - පිළියම  යන කෙටි නිර්මාණ...

දළුලන අතු

Image
 1964 දී දී. හේ හෙන්රි මහතා විසින් සංස්කරණය කරන ලද දළුලන අතු කෘතිය කෙටිකතා කරුවන් රාශියක් විසින් රචිත කෙටිකතා කැටි කොට ප්‍රකාශයට පත් කරන ලද කෘතියකි. පුල්ලි හාමිනේ - පිලියන්දල රිචඩ් තන්තිරිවත්ත මේ ඇයි.......? - අලුත්ගම විද්‍යාලයේ සනී දයානන්ද ලිපිකරුවෝ - මහනුවර පියල් සෝමරත්න යථාර්ථය - ලංකා විශ්ව විද්‍යාලයේ දුල්මා නිශ්ශංක අලුත් ගෙදර - ගම්පහ නිව්ටන් ගුණසේකර එපාවුණු සිනාව - ඉඳුරුවේ S.චන්ද්‍රලතා සේනානායක හිතේ අඳුර - සිරිසේන රංගෙබණ්ඩාර ලොකු තාත්තා - අකුරැස්සේ උදුලා සමරසිංහ ගිලී ගිය ඔරු - තල්පාවිල විජයසෝම පහන් දැල්ල - මහනුවර ර.ඇ. පෙරේරා යන කෙටි කතා මෙම  කෘතියෙහි අඩංගු වේ. ආධුනික ලේඛක ලේඛිකාවන්ට අත දීමේ අරමුණින් දී හේ හෙන්රි මහතා මෙම කෘතිය සංස්කරණය කළ බව පූර්විකාවේ දී ඔහු සඳහන් කරයි. කැලණියේ උදය මුද්‍රණාලයේ මුද්‍රණය කරවා පළ කරන ලද දළුලන අතු කෘතිය සිංහල සාහිත්‍ය ගැන උනන්දුව දියුණු වූ එවක රුහුණු ලේඛක සංගමය මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ගෙන තිබූ ඵලදායි ක්‍රියා මාර්ගයන්ගෙන් එකකි.මෙම කෘතියෙහි ඇති විශේෂත්වය නම් කෙටිකතාකරුවන් රාශියකගේ කතා එකතුවක් වීම හේතුවෙන් එකම වස්තු විෂය දෙස පවා ව...

පහන් වී දුටු කැලෑ මල්

Image
                      අයියා ඇතැම්විට බිත්තියේ එල්ලා ඇති චිත්‍රපට          නිළියන්ගේ ඡායාරූප පිස දා යළිත් එල්ලා තබයි.        "ඔය පින්තූර ගහගෙන ඉඳලා බඩ පිරෙයි                     දැන්......" විටෙක අයියා අක්කා ගෙ තියුණු                      ඇනුම්පද වලට ලක් වෙයි.        චිත්‍රපට නිලියන්ගෙ ඡායාරූ දකින මම ඇලිස්               ගැන සිහි කරමි. තවත් විටෙක මම අයියා ගැන           සිතමි. තවත් වරෙක අක්කාගේ රත් පැහැති               කෝපය  ආරූඪ වූ මුහුණ ගැන සිතමි.ඔවුන්                 පිළිබඳව මා තුළ ඇත්තේ සංකීර්ණ හැඟීම් ය.             එය තෝරා බේරා ගැනීමට නොහැකි වූ අවුල්    ...

කලිසම සහ සුකුමාරි

Image
                                                                        කලිසම සහ සුකුමාරි 1968 වර්ෂයේදි මායා රංජන් කතුවරයා විසින් ලියන ලද කෘතියකි.සීමාසහිත M.D.ගුණසේන සහ සමාගම විසින් ප්‍රකාශයට පත්  කොට ඇති මෙම කෘතිය ලාංකීය සමාජය ක්‍රම ක්‍රමයෙන් යුරෝපීයකරණයට ලක් වීමේදී සිදු වන අපූරු සිදුවීම්, ඇතැම් විටෙක උපහාසයෙන්ද තවත් විටෙක සියුම් හැගීම් සංස්පර්ෂණය කරමින්ද ඉදිරිපත් කරයි . ඒ බව පහත උදාහරණයෙන් පැහැදිලි වේ .                      "ලියංඩ කියංඩ බැරි වුනත් කමක් නෑ     .කතුර වගේ කතාව තමා ඕනෑ .හැබැයි බැරි වෙලාවත් ගමන බිමනක දී  සමාජයේ දී ඉංග්‍රීසියෙන් මිස සිංහලෙන් වචනයක්වත් දොඩන්න එපා.සිංහල නම් ගම් වුනත් ඉංග්‍රීසි තාලෙට සද්ද කරලා කියන්ඩ ඕනෑ."                     "ඒ කොහොමද ?"     ...