හරි දැක්ම
හරි දැක්ම කෙටිකතා සංග්‍රහය තුළ ,
අතරමං වූවෝ
නම්බුව
හරි දැක්ම
සුවඳ
රෝස පඳුර
යකා ගහල
අවබෝධය
විචාරකයා
සොහොන් කෙත
අනුන්ගේ දුකට පිහිට වනු
හිඟන්නී
චන්ද්‍රානි
පින්තූරය
නැමැති කෙටිකතා දහතුනක් සමන්විතවේ .බී.පී මල්ලව ආරච්චි විසින් රචිත මෙම කෙටි කතා සංග්‍රහය ගම්පහ සරසවි මුද්‍රණාලයේ ප්‍රකාශනයකි. 1963දී රචිත මෙම කෘතිය පිටු 62 කින් සමන්විතය .එකල එහි මිල රුපියල් එකයි ශත පනහකි.
කෘතියෙහි ඇතුළත් වන්නේ මීට අවුරුදු කිහිපයකට පෙර රචකයා විසින් වරින් වර රචනා කරන ලද කෙටිකතා කිහිපයකි .ඉන් පළමු කෙටිකතා ඔහු කෙටිකතා පිළිබඳව කිසිත් නොදැන ම නීති රීති හා රාමු පිළිබඳ නොදැන මම සිදුකළ රචනාවන් වේ.ඒ හේතුවෙන් ඔහු තුළ ඒ පිළිබඳව යම් නිළියක් ඇතිවන බව ඔහු සඳහන් කොට තිබුණ ද කෙටිකතා වල සාර්ථකත්වය සඳහා රාමු නොදැන නීති රීති අනුගමනය නොකරමින් නිදහසේ රචනාවේ යෙදීමෙහි අනුහස් බලපා ඇති බව කිව යුතුමය.කෙටිකතා තුළ සෑම විටම පාහේ ජනවහර භාවිතා කොට ඇති අතර වඩාත් සරල සුගම සිංහල භාෂාවක් භාවිතා කරමින් සියලුම ආකාරයෙහි බුද්ධි මට්ටම් වල පාඨක ප්‍රජාවට ආමන්ත්‍රණය කිරීමට කතුවරයා මහත් උත්සාහයක් දරා ඇති බව පෙනී යයි.බොහෝ කෙටි කෙටි කතා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියා ඇති අතර වඩාත් උචිත ලෙස කතා රසය ඉස්මතු කිරීමට එම දෘෂ්ටිකෝණය භාවිතයේ ප්‍රතිඵලදායක බව කැපී පෙනේ.සරල සුගම ලෙස රසවිඳීමට කැමති පාඨක සියලු දෙනා විසින් කියවිය යුතු කෘතියක් ලෙස හරි දැක්ම කෙටිකතා සංග්‍රහය පෙන්වා දිය හැක.
Comments
Post a Comment