නන්දිමිත්‍ර
1955දී කොළඹ mount යන්ත්‍රාලය විසින් ප්‍රකාශයට පත් කොට ඇති නන්දිමිත්‍ර නම් ගද්‍ය කෘතිය රොසලින් මැන්ඩිස් නම් කතුවරයා විසින් රචනා කරන ලද්දකි.කෘතිය තුළ සාකච්ඡාවට බඳුන් වනුයේ දුටුගැමුණු රජතුමා ගේත් දැහැමි එළාර රජතුමා ගේත් කාලයෙහි ලංකාවේ සිදු වූවක් සිදුවූවක් ලෙස රචනා කොට ඇති සිද්ධි දාමයන් සමූහයකි.එකල ජනජීවිතය පිළිබඳව සහ රාජ්‍ය පාලනය පිලිබදව ද නිර්මාණශීලී ප්‍රවේශයක් ඔස්සේ මෙම නවකතාව ගොඩනැංවීමට කතුවරයා සමත් වී ඇත.ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ ඓතිහාසික යුගයන් පිළිබඳ අවධානය යොමු කරන විට ඒ අතර ඇති ශ්‍රේෂ්ඨතම අවදිය එළාර දුටුගැමුණු අවදිය වන නිසාවෙන් මෙම කතාව ප්‍රතිනිර්මාණය කිරීමට එම සමය තෝරා ගත් බවයි.ඔහු විසින් බොහෝ කලකට පෙර ලියන ලද මෙම කතාව නැවත විචාරාත්මක කියවීමෙන් පසු රචනයෙන් බොහෝ කලකට පසුව මුද්‍රණය සඳහා යොමු කළ බව ඔහු පවසයි.මෙහි එන චරිත අතීත රජවරු ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් සහ බිසෝවරුන් ඇතුළු සේනාව වේ ඊට අමතරව ගැමි බව නිරූපණය සඳහා විවිධ චරිත ද මීට එකතු කොටගෙන ඇත.වඩාත්ම වැදගත් කාරණය නම් මෙම කෘතිය කියවන විට අධ්‍යාපන චාරිකාවක් මෙන්ම අතීත චාරිකාවක් ද මනෝකාය තුළින් ඇවිද යන්නාක් මෙන් දැනීමයි. කෘතිය තුළ භාවිතා කොට ඇති උසස් සාහිත්‍යමය භාෂා ලක්ෂණ මෙන්ම අවශ්‍ය සෑම විටකදීම පාහේ ජනවහර වඩාත් උචිත ලෙස යොදාගෙන තිබීම නිසාවෙනි නිසාවෙන් කෘතියෙහි සාහිත්‍යමය පෝෂණ අංග ඉතාමත් ඉහළ ගණයෙහි පවතී.තැනින් තැන පිටු වල ඇඳ ඇති අපූර්ව චිත්‍ර අයිවන් පීරිස් නැමැත්තෙකු විසින් සිත්තම් කොට ඇති බව පෙරවදනෙහි දී කතුවරයා දක්වා ඇති අතර එහිදී ඔහු එම සිත්තරාට ස්තුති වන්ත වී තිබේ.පිටු 100 කින් සමන්විත මෙම කුඩා කෘතිය කියවන්න ක ගේ මනෝභාවය නිරන්තරයෙන්ම දුටුගැමුණු සමයේ වෙත ගෙන ගොස් එහි අපූරු ජන ජීවිතය සහ රාජ්‍ය පාලනය තුළ තමා ජීවත් වන්නාක් මෙන් හැඟීමක් ඇති කරවයි .අධ්‍යාපන චාරිකාවක් මෙන්ම අතීත චාරිකාවක් the ද පොත් පිටු අතරේ විඳ ගැනීමට විඳ ගැනීමට කැමැත්තෙකු අනිවාර්යෙන්ම කියවිය යුතු කෘතියක් ලෙස නන්දිමිත්‍ර කෘතිය පෙන්වා පෙන්වා දිය හැකිය.
Comments
Post a Comment