දළුලන අතු

 1964 දී දී. හේ හෙන්රි මහතා විසින් සංස්කරණය කරන ලද දළුලන අතු කෘතිය කෙටිකතා කරුවන් රාශියක් විසින් රචිත කෙටිකතා කැටි කොට ප්‍රකාශයට පත් කරන ලද කෘතියකි.

  • පුල්ලි හාමිනේ - පිලියන්දල රිචඩ් තන්තිරිවත්ත
  • මේ ඇයි.......? - අලුත්ගම විද්‍යාලයේ සනී දයානන්ද
  • ලිපිකරුවෝ - මහනුවර පියල් සෝමරත්න
  • යථාර්ථය - ලංකා විශ්ව විද්‍යාලයේ දුල්මා නිශ්ශංක
  • අලුත් ගෙදර - ගම්පහ නිව්ටන් ගුණසේකර
  • එපාවුණු සිනාව - ඉඳුරුවේ S.චන්ද්‍රලතා සේනානායක
  • හිතේ අඳුර - සිරිසේන රංගෙබණ්ඩාර
  • ලොකු තාත්තා - අකුරැස්සේ උදුලා සමරසිංහ
  • ගිලී ගිය ඔරු - තල්පාවිල විජයසෝම
  • පහන් දැල්ල - මහනුවර ර.ඇ. පෙරේරා

යන කෙටි කතා මෙම  කෘතියෙහි අඩංගු වේ.





ආධුනික ලේඛක ලේඛිකාවන්ට අත දීමේ අරමුණින් දී හේ හෙන්රි මහතා මෙම කෘතිය සංස්කරණය කළ බව පූර්විකාවේ දී ඔහු සඳහන් කරයි.

කැලණියේ උදය මුද්‍රණාලයේ මුද්‍රණය කරවා පළ කරන ලද දළුලන අතු කෘතිය සිංහල සාහිත්‍ය ගැන උනන්දුව දියුණු වූ එවක රුහුණු ලේඛක සංගමය මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ගෙන තිබූ ඵලදායි ක්‍රියා මාර්ගයන්ගෙන් එකකි.මෙම කෘතියෙහි ඇති විශේෂත්වය නම් කෙටිකතාකරුවන් රාශියකගේ කතා එකතුවක් වීම හේතුවෙන් එකම වස්තු විෂය දෙස පවා විවිධ කෝණවලින් එක් එක් කෙටිකතාකරුවා දක්වා ඇති සමාජ විවරණය යි.එමෙන්ම ස්වාධීනව අදහස් දැක්වීම කෙරෙහි කෙටිකතාකරුවන් දක්වා තිබෙන කුසලතාවය ද ප්‍රශංසනීය ය. පොතක් කියවීම හිතක් කියවීම හා සමානය යැයි දැක්වීම මෙන්ම කෙටි කතාවක් කියවීම, තෝරාගත් සිද්ධි සමුදායක මානව මනෝභාවයන් සංස්පර්ශණය කිරීම හා සමාන යැයි දැක්විය හැකිය.එවක මුදලින් රුපියලයි සත හැත්තෑපහක් වූ මෙම කෘතිය මෙකල එම මුදල මෙන් දහස් ගුණයක් වියදම් කළ ද ලබාගත නොහැකි තරම් ලෝකය, මිනිසා වැනි සමාජ ප්‍රපංච පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙන  කෘතියකි.

Comments

Post a Comment

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම