හොඳ නරක
1960 වසරේදී එස්බී කීර්තිසේන මහතා විසින් රු රචිත හොඳ නරක කෘතිය අපූරු කෙටිකතා 10 කින් සමන්විත නිර්මාණ සංග්‍රහයකි. ඒවා නම්,
- අපරාධය
- පලිගන්නවා
- රක්ෂා හොරු
- විවාහය
- එල්ලුම් ගහ
- ලැජ්ජා නැතිකම
- අත්දැකීම්
- අතීතය
- කාටද පිස්සු?
- හොඳ නරක වේ.
"අපොයි නෑ"
"එහෙනම් දැනගන්නවා මම දාලා තියෙනවා තැපෑලෙන් උගන්වන පාසැලක් එකේ ගුරුවරයා මමයි. ඉතින් පත්තරේ දානවා"ඕනෑම විභාගයකට තැපැලෙන් උගන්වමින් අසමර්ථ වුවහොත් සියලුම මුදල් ආපසු ගෙවනු ලැබේ කියලා. එතකොට ලංකාවේ හැමතැනින්ම ළමයි ලියුම් එවනවා.විස්තර යවනවා ඇතුලත් වීමේ ගාස්තුව රුපියල් පහයි. ඔය හැම විෂයකටම තියෙන ඉස්කෝලේ පොත් ටිකක් ගෙනල්ල ඒ වල තියෙන පාඩම් ටයිප් කරලා ළමයින්ට යවනවා."
"ඉතින් විභාගෙන් පේල් උනහම මුදල් ඉල්ලන්නේ නැද්ද?"
"විභාග වෙනකල් කවුරුත් ඉගෙන ගන්නේ නෑ මාස දෙකයි නැත්නම් තුනයි. වැඩිම වුණොත් හතරයි ඒ උනාට සැමදාම මට රක්ෂාව තියෙනවා. සුමානෙකට සැරයක් හැම සිංහල පත්තරේම දැන්වීම් පළ කරනවා""තමුසේ හරි යකෙක් නොව"ඔහුගේ කතාව අසා සිටි දාස කීවේය.
ඉහත දක්වා ඇත්තේය රක්ෂා හොරු කෙටි කතාවෙහි එන කොටසකි. නවමු ආරකින් නව ප්‍රශ්න යටතේ කතා ප්‍රබන්ධයෙහි රචකයා දක්වා ඇත්තේ අපූරු දස්කමක් බව ඉහත සුළු කොටසෙන් නිරූපණය වේ. එපමනක් නොව පුහු මානයෙන් පිරුණු සමාජයේ අනුවේදනීය පුවත් ද වඩාත් යථාර්ථවාදී ව සමාජය ඉදිරියේ ප්‍රතිනිර්මාණය කිරීමට ද කතුවරයා ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීයය.

Lassanyyy
ReplyDeleteGreat❤
ReplyDeleteNice
ReplyDeleteWow...nice work ❤️🔥
ReplyDelete