පහන් වී දුටු කැලෑ මල්

     


       

        අයියා ඇතැම්විට බිත්තියේ එල්ලා ඇති චිත්‍රපට          නිළියන්ගේ ඡායාරූප පිස දා යළිත් එල්ලා තබයි.

       "ඔය පින්තූර ගහගෙන ඉඳලා බඩ පිරෙයි                     දැන්......" විටෙක අයියා අක්කා ගෙ තියුණු                      ඇනුම්පද වලට ලක් වෙයි.

       චිත්‍රපට නිලියන්ගෙ ඡායාරූ දකින මම ඇලිස්               ගැන සිහි කරමි. තවත් විටෙක මම අයියා ගැන           සිතමි. තවත් වරෙක අක්කාගේ රත් පැහැති               කෝපය  ආරූඪ වූ මුහුණ ගැන සිතමි.ඔවුන්                 පිළිබඳව මා තුළ ඇත්තේ සංකීර්ණ හැඟීම් ය.             එය තෝරා බේරා ගැනීමට නොහැකි වූ අවුල්               ජාලයක් වැන්න.

චිත්තානන්ද සුදුවැලිකන්ද කතුවරයා විසින් රචිත පහන්වී දුටු කැලෑ මල් කෙටිකතා සංග්‍රහයෙහි ලොකු අක්කා කෙටි කතාවෙහි එන අපූරු කොටසක් ඉහත දක්වා ඇත.

තනිවූ හිතවතා

මහල්ලා සහ සේවිකාව

ගැට ගසා උන් අඹවා......

කටු ඉඹුල

නොපැහැදිලි සිත්තමක්

තව අවුරුදු දස දහසක් ගෙවුනත්

අතීතයක නටබුන්

අඳුරෙන් අඳුරට

පහන් වී දුටු කැලෑ මල්

        යන කෙටිකතා නවයකින් සංයුක්ත වූ මෙම කෘතියෙහි ප්‍රථම මුද්‍රණය සිදු වී ඇත්තේ 1971 වර්ෂයේ අගෝස්තු මාසයේදීය. කතෘ අයිතියෙන්  ප්‍රකාශ කොට ඇති මෙම කෘතියෙහි එවක මිල රුපියල් දෙකයි ශත පනහකි. මෙම කෘතිය මුද්‍රණය කර ඇත්තේ ගංගොඩවිල "දීපානි" මුද්‍රණ ශිල්පීන් විසිනි.

චිත්තානන්ද සුදුවැලිකන්ද කතුවරයාගේ ප්‍රථම කෘතිය වන මෙම කෘතිය සමකාලීන පුවත්පත් සඳහා ඔහු විසින් ලියන ලද කෙටි කතාවල වස්තුබීජ වර්ධනය කොට ලියන ලද්දකි.


Comments

Post a Comment

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම