Posts

ගමක ගමන

Image
 බක්මී වැවේ මද්දුම බණ්ඩාර විසින් 1963 මැයි මාසයෙහි රචිත ගමක ගමන කෘතිය එවරස්ට් මුද්‍රණ ශිල්පියෝ සහ ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කොට ඇත.මෙය කතෘ අයිතිය සහිතව ප්‍රකාශයට පත්කොට ඇත්තකි.කෘතියෙහි පිදුම හෙවත් පූජෝපහාරය කතුවරයාගේ මව්පිය දෙපළ වෙනුවෙන් වෙන්කොට ඇත්තේ ඉතා නිර්මාණශීලී සාහිත්‍ය භාවිතාවකිනි. "හෙළ බසෙහි රස විඳින්නට පින මතු කොට දී ,සදහටම මගින් වියෝ වූ මා පෙම්බර දෙමාපියන්ගේ සදාදරණීය නාමයට මේ මාගේ කුළුදුල් පබඳ පූජෝපහාරයක් වේවා " කෘතියෙහි පෙරවදන ලියවා ඇත්තේ ශ්‍රී චන්ද්‍රරතන චන්ද්‍රරත්න මානවසිංහයන් ලවාය . "ගමක ගමන මම කියැවීමි.නැවත නැවත නැවත ද කියවීමි .එය මටනම් රසවත්ය .ගමක ගමන පොතේ කෘතිම ආවේශයක් නැත්තේය .ආයාසයෙන් ගොඩනගාගෙන ,අලුත් අඩු  බඩු වලින් හැඩ දැමූ චරිත සටහන් නැත්තේය .ඇහේ බබා රැවටීමට ගත් ප්‍රයත්නයක ලක්ෂණ නැත්තේය .කොයි ගමේත් නොවේ නම්නම් බොහෝ ගම්වල ගස්කොලන් යට ඉබේ ඇදී ගිය රේඛාවන්ගෙන් එකතුවක් එහි තිබේ .ඒවා සටහන් කර ඇත්තේ ගමේ කටට හුරු පුරුදු බසිනි .ඒ නිසාවෙන් මෙය සිංහලෙන් ලියැවුණු පොතක් සේ හැඳින්වීමට මම උනන්දු වෙමි ." මානවසිංහයන්ගේ පෙරවදනෙන්ම පැහැදිලි වනුයේ මෙම කෘතිය ත...

කාන්තාර ගීතය

Image
" පියරත්නගේ සිත පෞරාණික දේවලට ඇලෙන ගතියකින් යුක්තය.මළ මුහුදේ වෙරළෙහි රාත්‍රී සමාජ ශාලා පිහිටුවා ඇති අතර වෙනත් කරුණු අතින් නැත්තේ නගරවල දඬුවම් යොමු වී ඇත්තේ ද්‍රව්‍යමය ලාභය ක හා ව්‍යාපාරික නිර්භීත කමකට මූලධර්මයක් කරාය." නූතන ප්‍රචලිත සිංහල භාෂාවට වඩා යම් තරමකට වෙනස් වූ සිංහල භාෂාමය ලක්ෂණ සහිත කාන්තාර ගීතය කෘතිය ජිනදාස ලෙල්වල විසින් රචිත රහස් පරීක්ෂක පරීක්ෂක නවකතාවකි .සීමාසහිත ඇම් ඩි ගුනසේන සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කොට ඇති මෙම කෘතියෙහි ප්‍රථම මුද්‍රණය 1964 ඔක්තෝබර් මාසයේ දී ය. කෘතිය පිළිබඳව ප්‍රකාශකයන් දක්වන්නෙ දක්වන්නේ මෙවැනි අදහසකි, "අවරදිග නවකතාවෙහි ආභාසය ලත් සිංහල නවකතාකරුවන්ගේ වැදගත් තැනක් ජිනදාස ලේල්වලට හිමිවෙයි.එයට හේතුව අවරදිග මහ පඬුවන් රැසකගේ ප්‍රබන්ධ රාශියක් ලේල්වල ගේ පෑන් තුඩින් සරල සිංහලයට නැගීමයි." ප්‍රකාශකයින් තවදුරටත් දක්වා ඇති කරුණුවලින් වැඩිදුරටත් පෙනී යන්නේ ඔහු මීට අවස්ථා බොහොමයකදී කර්තෘවරයකු වශයෙන් කටයුතු කර ඇති අවස්ථාවලට වඩා කෘති පරිවර්තකයකු වශයෙන් කටයුතු කර ඇති බවයි.ඔහු සෑමවිටම පාහේ එම කෘතීන්ට ආවේණික රසය එලෙසම පවත්වා පවත්වාගනිමින් පාඨක රසවින්...

චාරිකා

Image
 1959 වර්ෂයෙහි ඊ.ඇස් රත්නවීර කතුවරයා විසින් රචිත චාරිකා කෘතිය කොළඹ එම් ඩී ගුණසේන ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කරන ලද්දකි.කෘතියෙහි පේනවද මේ දක්වා ඇති ආකාරයට කතුවරයා ඇතුළු බොහෝ පිරිසක් පස් වසරකට පෙර ගුවනින් දිගු ගමනක් ගොස් ඇති අතර එම අවස්ථාවන් වලදී ඔවුහු යුරෝපීය රටවල් කිහිපයක් අත ආසියාවේ රටවල් කීපයකද සංචාරය කර ඇත. එම ස්ථාන සහ එම රටවල් දැකීමෙන් ඔවුන් තුළ ජනිත වූ අදහස් හා හැඟීම් සිංහල පාඨකයා ඉදිරිපිට තැබීමට ඔවුනට සිත් වී ඇති අතර රචකයා පෙන්වා දෙන්නේ ඒ එම අවස්ථාවන් හි සහ රටවල් වල ඇති නව ගතිය නිසා නොව ඉගෙනගත යුතු බොහෝ දෑ ඒ තුළ ගැබ්ව පවතින බැව පෙන්වා දෙමිනි .ඒ අනුව මෙම කෘතිය ගමන් විස්තරයක් ලෙස පෙන්වා දිය හැකි අතරම කතුවරයා අවධාරණයෙන් යුතුව  පවසා සිටින්නේ එය හුදෙක් දුටු දෙය පිළිබඳව නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කිරීමක් හැර ඔවුන්ගේ දෘෂ්ටිවාද සහ මතවාදය සමඟ මුසුකොට පාඨක චිත්ත සන්තානය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමේ අරමුණින් පටු අරමුණු උදෙසා ක්‍රියාත්මක වීමක් නොවන බව ය. එකල රුපියල් දෙකක් වූ මෙම කෘතියේ කවරෙ නිර්මාණය කොට ඇත්තේ අතින් අදින ලද සිතුවමක් ආශ්‍රයෙනි.මෙහි ඇතුළත පිටු ද අනෙක් පොත් වල ප...

සරණ

Image
මාලී, මේ ඉරණම ද ? , අපල කාලේ වැනි නිර්මාණාත්මක රචනා වන්ගෙන් කරළියට පැමිණි නන්ද කණ්ඩම්බි ශ්‍රී ලංකා නීති විද්‍යාලයට බැඳී නීතිඥ විභාගයෙන්  සමත් වූවෙකි . මාලි නැමති ජනප්‍රිය රහස් පරීක්ෂක නවකතාව නන්ද කණ්ඩම්බිගේ පළමුවන සාහිත්‍ය කෘතිය විය .ඔහු විසින් ලියන ලද මේ ඉරණමද නැමැති කෙටිකතා එකතුව ද විචාරකයන්ගේ පාඨකයන්ගේ කොතෙකුත් පැසසුම් ලබා ඇත .ඔහු ලියු අපල කාලයේදී ඉතාමත් ජනප්‍රිය නවකතාවකි . සීමාසහිත ඇම් ඩී ඩි ගුනසේන සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කොට ඇති මෙම නවකතාව වර්ෂ 1964 මැයි මාසයේ රචනා කරන ලද්දකි.තම භාෂා කෞශල්‍ය මනා ලෙස ඉදිරිපත් කිරීමට නන් ද කතුවරයා ඉතා උපක්‍රමශීලී ලෙස කතාවෙහි සාරාංශයක් තැනින් තැන ගොතා ඉදිරිපත් කොට ඇත.වාච්‍ය පරිසමාප්තයෙන්ම මෙම කතාව ඉතා රසවත්ය. "අවශ්‍ය බඩු රැගෙන ඈ ගෙදර ගියාය. ඇය හා සීමන් මුදලාලි සම්බන්ධ කොට ගැමියන් කොතෙකුත් පද හදා තැනින් තැන කීවත් දැන් ඇයට ඒ ගැන කිසි ගණනක් නැත .තමන් සීමන් මුදලාලි කෙරෙහි නැමුණේ නොවැළැක්විය හැකි අන්දමකට බව ඇයට වැටහෙයි.ජෝන් ගෙදරින් ගියාට පසු ගත වුණු කාලය තුළ ඇයට කරුණාවන්තව උපකාර කළ එකම තැනැත්තා ඔහු විය . ඔහුගේ උපකාර නැතිව ඇයටත් දරුවාටත් ආහාර ලබ...

නො මළ මල්

Image
  "කෙටිකතා කරුවෙකු හැටියට කතුවරයා තුළ පවත්නා කෞශල්‍ය ඉස්මතු වී පෙනෙන කතා කිහිපයක් නො මළ මල් අතර ඇත .එයින් කුරුලු පවුල, ආලයේ වේදනා  හා නියම පෙම්වත්තු මෙහි සඳහන් කළ හැක .ශික්ෂණයෙන් මෙන්ම බුද්ධියෙන් මුහුකුරා ගිය ලේඛකයෙකු තුළ දක්නට ලැබෙන තරම් වූ අවලෝකන ශක්තියකුත් සංයමය කුත් මේ කතා වල ඇතැම් තැන් කියවන විට ඉස්මතු වී පෙනෙයි.එය මේ තරුණ කතාකරුගේ ගෞරවය පිණිස සිටින්නකි.ඉහත සඳහන් කතා සතුන් මුල් කොටගෙන ගෙතුණු ඒවා ය.ඉතින් මිනිසුන් පාත්‍ර කොටගෙන ගෙතෙන කතා වලදීත් මේ නිපුණතාවය මෙලෙසින්ම දැක් වතොත් අනාගතයෙහි මඩවල රත්නායක තුළින් පරිසමාප්ත කෙටිකතා කාරයකු දැකීම දුෂ්කර නොවෙයි" ඉහත දක්වා තිබෙන්නේ මෙම කෘතිය පිළිබඳව ලංකාදීප පුවත් පතෙහි 1960 .05.19 දින පළවූ ලිපියක කොටසකි . මඩවල එස් රත්නායක in විසින් රචිත නොමළ මල් කෘතිය සීමාසහිත සමන් ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කරන ලද කෘතියකි .1960 වර්ෂයේදී  රචිත මෙම කෘතිය සිංහල සාහිත්‍යයට එක් කොට ඇති අගනා බව අතිමහත්ය . ඒත් ආදරෙයි තේරුමක් නෑ සදවති කුරුලු පවුල  කුහුඹුවෝ  විභාග මහතා  ආදරයේ වේදනාව ආලයේ වේදනා  නො මළ මල්  හුරතලා  ඇගේ කත...

කරුණාව සොයා යාම

Image
  කෙටිකතා 15කින් සමන්විත කරුණාව සොයා යාම සංග්‍රහය ජිනදාස ලේල්වල විසින් රචිත කෘතියකි.වර්ෂ 1957 දී මෙහි ප්‍රථම මුද්‍රණය සිදු වී ඇත්තේ සීමාසහිත ඇම් ඩී ඩි ගුනසේන සහ සමාගම විසිනි. "දවස මුළුල්ලේ පොල් කොහු ගොඩක් ළඟ තබාගෙන තබා ගෙන ඉන් මද මද ව අල්ලේ මැද තබාලා දෙඅත්ල අඹරවමින් ගිහි පස්සා පැත්තේ මුළු දවසම ගත කරන ඔහුගේ බිරිඳ නැත්නම් පිට පිටම තුනට වෙලේ බඩගින්න ඉන්නට සිදු වෙනවට කිසි අනුමානයක් නැත.රේස් දිනුම ඇඳුනා ට පසු අහල පහල උදවිය වෙනදාට වැඩියෙන් ඇයිහොඳයිකම් පවත්වන්නට පටන් ගත්හ .දැන් නිතර නිතර බත් බුලත් සූදානම් කරන්නට සිදුවේ ." මෙහි එක් කෙටිකතාවක  දක්වා ඇති කොටසක් ඉහතින් ඉදිරිපත් කොට ඇත . වාසියක් ඇති තැනට සියල්ලන්ම එක්වන ආකාරය පිළිබඳව එයින් වඩාත් ප්‍රකට වේ .දිනුම් ඇදීමෙන් පසුව හමුවූ ඉතා විශාල මුදල් ත්‍යාග  පිළිබඳව නිවැසියනට වඩා අසල්වැසියන් අවධානයෙන් සිටින බව එයින් කියවේ .ලොව බොහෝ අවස්ථාවල ඉතා විශාල මුදල් ත්‍යාගය ජයග්‍රහනය කල පුද්ගලයින් ඒවා ලබා ගැනීමට අදාළ ආයතන වල ආයතන වලට ගිය විට මාධ්‍ය ඔස්සේ ඒවා ප්‍රචාරය නොකරන ලෙස ඉල්ලා සිටින්නේ මෙම හේතුව නිසාවෙනි .එවිට මුදල් ත්‍යාගය තමාට පරිභෝජනය කි...

හිත පුපුරන දුක

Image
  1961 ජූනි මාසයෙහි රචිත හිත පුපුරන දුක කෘතිය සිරිසේන මාඉටිපේ විසින් නිර්මාණය කරන ලද්දකි.එකල මෙම කෘතියෙහි මිල රුපියල් 3 කි.කෘති අවසානයෙහි පිටු රාශියක් වෙන් කොට ඇත්තේ මෙහි එන අපහසු යැයි සැලකෙන වචන පැහැදිලි කොට තේරුම් බේරුම් කොට දීමටය . කෘතිය තුළ භාවිතා කර ඇති සාහිත්‍ය භාවිතය උසස් රසවින්දනාත්මක ලක්ෂණ පෙන්නුම් කරයි.තරමක් විදග්ධ බසකින් රචනා වී ඇති මෙම කෘතිය  සිංහල භාෂාව පිළිබඳ පරීක්ෂණ ඇත්තන්ට වඩාත් උචිත කෘතියක් බව පෙන්වා දිය හැක .විටෙක ගත්තෙ සාහිත්‍යයෙන් හැඩ වන මෙම කෘතිය තවත් විටෙක සාකච්ඡා මේ ස්වභාවයකින් ප්‍රශ්න විමසමින් පිළිතුරු සපයමින් කතාව ඉදිරියට ගෙන යයි .සිංහල ව්‍යාකරණය කෙරෙහි කෘතිය තුළ දක්වා ඇත්තේ මහත් අවධානයකි .කෘතියෙහි ඉදිරිපස කවරය තද කොළ පැහැයකින් නිර්මාණය කොට ඇති අතර එය අලංකාරවත් කිරීමට චිත්‍ර යොදාගෙන තිබේ .චිත්‍රවල වැඩි ඉඩක් තැඹිලි වර්ණයට ලබාදී ඇති අතර කෘතියෙහි නම නිර්මාණය කොට ඇත්තේ සුදු පැහැති කොටු අකුරු වලිනි .බලවත් උන්ගේ බලකාමය ට යටත් වී පීඩා විඳින දුප්පතුන් සමාජ විප්ලවයක් සහ අරගලයක් අයුරින් නැගී සිටීම සමාජයීය වශයෙන් කෙතරම් වටිනා දෙයක් ද යන්න සහ එතුළින් බලවත් පක්ෂයට ...