Posts

Showing posts from December, 2021

ගමක ගමන

Image
 බක්මී වැවේ මද්දුම බණ්ඩාර විසින් 1963 මැයි මාසයෙහි රචිත ගමක ගමන කෘතිය එවරස්ට් මුද්‍රණ ශිල්පියෝ සහ ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කොට ඇත.මෙය කතෘ අයිතිය සහිතව ප්‍රකාශයට පත්කොට ඇත්තකි.කෘතියෙහි පිදුම හෙවත් පූජෝපහාරය කතුවරයාගේ මව්පිය දෙපළ වෙනුවෙන් වෙන්කොට ඇත්තේ ඉතා නිර්මාණශීලී සාහිත්‍ය භාවිතාවකිනි. "හෙළ බසෙහි රස විඳින්නට පින මතු කොට දී ,සදහටම මගින් වියෝ වූ මා පෙම්බර දෙමාපියන්ගේ සදාදරණීය නාමයට මේ මාගේ කුළුදුල් පබඳ පූජෝපහාරයක් වේවා " කෘතියෙහි පෙරවදන ලියවා ඇත්තේ ශ්‍රී චන්ද්‍රරතන චන්ද්‍රරත්න මානවසිංහයන් ලවාය . "ගමක ගමන මම කියැවීමි.නැවත නැවත නැවත ද කියවීමි .එය මටනම් රසවත්ය .ගමක ගමන පොතේ කෘතිම ආවේශයක් නැත්තේය .ආයාසයෙන් ගොඩනගාගෙන ,අලුත් අඩු  බඩු වලින් හැඩ දැමූ චරිත සටහන් නැත්තේය .ඇහේ බබා රැවටීමට ගත් ප්‍රයත්නයක ලක්ෂණ නැත්තේය .කොයි ගමේත් නොවේ නම්නම් බොහෝ ගම්වල ගස්කොලන් යට ඉබේ ඇදී ගිය රේඛාවන්ගෙන් එකතුවක් එහි තිබේ .ඒවා සටහන් කර ඇත්තේ ගමේ කටට හුරු පුරුදු බසිනි .ඒ නිසාවෙන් මෙය සිංහලෙන් ලියැවුණු පොතක් සේ හැඳින්වීමට මම උනන්දු වෙමි ." මානවසිංහයන්ගේ පෙරවදනෙන්ම පැහැදිලි වනුයේ මෙම කෘතිය ත...