බිඳුණු හදවත

" අම්මේ! අම්මේ! අන්න ඇසලින් නැන්දා ඉන්නවා" යැයි චන්ද්‍රවතී නංගි කීවා ය. අම්මා ඇසලින් රෙදිනැන්දා දෙස බලා කට කොනකින් සිනා වී," ආ ඇසලින් තනියමද ආවේ "යැයි ඇසුවාය.

"නැහැ මේ ළමයත් එක්ක" යැයි ඇය කීවාය. ඇසලින් ද  වාඩිවී සිටියේ අප සිටි බංකුවේ ම ය.

චන්ද්‍රවතී නංගී එක පාරටම "ඇයි අම්මා ඇසිලින් ට අපි ඉන්න බංකුවේ වාඩි වෙන්න ඉඩ දීලා තියෙන්නේ? එයාට අර පැදුරක් එළා දෙන්නැ"යි කීවා ය.

අම්මා එවිට " දුව මේ කෑගහන්නෙ නැතිව ඉන්න .මේ ගෙදර නෙවෙයි පන්සලේ. පන්සලට ආපුවාම ඔය කතා කියන්නේ නැතිව ඉන්නැ" යි කීවාය.

"ඇයි අම්මා ඇසලින් ගෙදරට ආපුහාම එයාගෙ තියෙන වෙනස මොකද්දැ?"යි චන්ද්‍රවතී නංගි ඇසුවාය.

චන්ද්‍රවතී නංගි දෙස ඇස් දෙක ලොකු කර බැලූ අම්මා, ඇයට ටොක්කක් ඇන්නා ය." ආයිත් චන්ද්‍රා ඔය කතාව මෙතන කතා කළොත් පන්සල් එක්කරන් යන්නෙත් නැහැ "යි අම්මා කෝපයෙන් ගිගිරුවා ය. අසල සිටි ඇතැම් මිනිස්සු ද අප දෙස බැලූහ.

ඇසලින් රෙදි නැන්දා අම්මා දෙස බලා කට කොනකින් මදක් සිනාසුනා ය .මම මදක් අම්මාගේ මුහුණ දෙස බැලුවෙමි. එවිට ඇය කෝපයෙන් කිසිවක් කර ගැනීමට නොහැකිව පසුවන බව වටහා ගත් මම නිහඬ වූයෙමි.

කුල මානය, මිත්‍යා මතවාද ,ධනවාදය ,ස්ව සංස්කෘතිය පහත් කොට සැලකීම යන කාරණා සමාජය සත්වයකු වශයෙන් මිනිසාගේ පරිහානියට කෙතරම් බලපාන්නේ ද යන්න පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙන බිඳුණු හදවත ගද්‍ය සංග්‍රහය ක. රූපසිංහ මහතාගේ රචනයකි.1968 අගෝස්තු මාසයේ දී ප්‍රථමයෙන් මුද්‍රණය කර ඇති මෙම කෘතිය කොළඹ සීමාසහිත ඇම්. ඩී . ගුණසේකර සහ සමාගම විසින් මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන ලද්දකි. පාඨකයාගේ කියවීමේ රුචිය වඩවන භාෂා ශෛලියකින් හා සරල මෙන් ම අර්ථවත් භාෂා ප්‍රයෝග භාවිත කර තිබීම මෙම කෘතියෙහි ප්‍රධානතම ලක්ෂණයකි.ගැමි උප සස්කෘතික භාෂා ලක්ෂණ ද උචිත පරිදි සාහිත්‍යකරණය සඳහා ඈඳා ගැනීමට රචකයා දක්වා ඇති කුසලතාව ප්‍රශංසනීයය.





මෙම කෘතිය පිළිබඳ පිවිසුමක් ලියන ලද එවක සිංහල බෞද්ධයා පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ රාජා වී. ඒකනායක මහතා හෙළි කර ඇති පහත කරුණු සාහිත්‍යමය කටයුතු කරන සියලු දෙනාගේ මහත් ප්‍රයෝජනයට හේතු වේ යැයි සිතා එම ඡේද කිහිපය මෙසේ දක්වමි.

සාහිත්‍යයයෙක පරමාර්ථය වියැයුත්තේ පාඨකයා රසින් මත් කිරීම පමණකැයි අදහන නව ලේඛක පරපුර වැරදි මඟැක ගමන් ගන්නා බව නම් කිවයුතුයි. රස විඳුම සාහිත්‍යයේ අවශ්‍යම කරුණ බව සැබැවි.එහෙත් එයට මුල් තැන දී එයට ම වහල් ව සාහිත්‍ය කෘතීන් කිරීමේ තේරුමක් නැති.සාහිත්‍ය සමාජයේ උන්නතිය හෝ අවනතය හෝ ළඟාකැර දීමේ වාසනා බලය හිමි වූවෙකි. ඉන් සුමගට හෝ නොමඟට හෝ යවන කාමීන් නිසා සමාජයේ ඉහත සඳහන් ආරේ දැය වනුයේ. සාහිත්‍යය යම් පමණකට අසභ්‍යශීලී ද, තෙදවත් ද, ඔදවත් ද එපමණටම සමාජය සභ්‍යශීලී යැ, තෙදවත් යැ, ඔදවත් යැ. ප්‍රංශයේ දහසය වැනි ලුවී රජු දා පැවති ගොර බිරුම් කුරිරු පාලනය මුන් කැර යහපත් යැයි කියැවෙන පාලනයක් පිහිටුවා ගැනීමට හැකි වූයේ එකලැ ඒ රටවල වුසූ ලේකකයන්ගේ චිත්තා වලින් ගෙන් හැඩ වැඩ වී දොරට වැඩි සාහිත්‍යමය කෘතීන් නිසා බව අද පවා වියත්තන් පිළිගන්නා සැබෑවෙකි. වික්තර හියුගෝ වන් - මැක්සිම් ගෝර්කියන් වැනි ලේඛකයන් එදා ඒ රටවල කෙරුණු සමාජ විප්ලව යන්ගේ නයුවෝ වූහ.

අපේ සමාජයට ද අද අවැසිව ඇත්තේ අන්න ඒ ආරේ සාහිත්‍ය ධරයන් බව අපට පසක් වෙයි.සාහිත්‍යමය ග්‍රන්ථයක් කිරීමේ දී එක් වරට ම යමව් - කඩපියව් -  මරපියව් ප්‍රතිපත්තියෙහි පිහිටා ලිවීම නූතන සමාජය නොරුස්සන දෙයකි. නූතනයන් හමු විටම හැම දෙයින් ම බලාපොරොත්තු වනුයේ හුදු රසවින්දනය පමණෙකි.ඔවුන්ගේ එම බලාපොරොත්තුව නොබිදෙන පරිදි ඔවුන් රසින් මත් කැරෙමින් මැ තමාගේ ඉලක්කය කරා පාඨකයා ගෙන යා යුතුය. එය යැ ලිවියාව නම්.කුඩාවුනට බෙහෙත් පොවන්නා සේ ජරමර කර තමන් හැඟුම පාඨකයන් පිට පැටවීම අද වැනි බුද්ධිමතුන් යුගයකට තරම් නොවේ. අපරදිග වෙදුන්ගේ බෙහෙත් පෙති මෙනි, අද සමාජයට සහිතපොත් දිය යුතුව ඇත්තේ. මේ අතින් නැගී එන තරුණ ලේඛකයෙකු වූ දෙවිනුවර ක. රූපසිංහයෝ කදිම දක්ෂතාවක් පෙන්වන්නෙකි.

Comments

Post a Comment

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම