Posts

Showing posts from November, 2020

කඩතොලු

Image
  "උපවංශ ඇලිකේවල කන්ද උඩරට කඩුගන්නාව අසල අමුණුපුර ය නැමැති ගමේ 1935 මාර්තු මස 3 වැනි දින උපන්නේය.ගමේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ හා අනතුරුව මහනුවර ධර්මරාජ මහා විද්‍යාලය ද අධ්‍යාපනය ලැබුවේය.ලංකාදීප කතෘමන්ඩලයේ 1954 සිට 1962 දක්වා පත්‍ර කලාවේදියකු වශයෙන් සේවය කළ ඔහු ඒ කාලයේ දී කොළඹ ක්‍රමය යටතේ ශිෂ්‍යත්වයක් ලබා ඕස්ට්‍රේලියාවේ පත්‍ර කලාව පිළිබද පිළිබඳ වැඩිදුර පුහුණුවක් ලැබුවේය " කඩ කළ කෘතිය රචනා වී ඇත්තේ 1966 දී ය .සමකාලීන කෘතීන් දැක්වෙන ප්‍රධාන අංගයක් වන්නේ පොතෙහි අවසානයෙහි පිට කවරයෙහි අදාල කතුවරයා පිළිබඳව පැහැදිලි විස්තරයක් ඉහත පරිදි දක්වා තිබීමයි .එහිදී කතුවරයාගේ පෞද්ගලික විස්තර වලට යම් වටිනාකමක් ලබා දෙන මුත් වඩාත් වැඩි අවධානයක් යොමු කොට ඇත්තේ කතුවරයාගේ වෘත්තීය සුදුසුකම් හා ලේඛන පරිචය පිළිබඳව පැහැදිලි කිරීමටය.ඉතා හුරුබුහුටි නවකතා කෘතියක් ලෙස හැඳින්විය හැකි මෙම කෘතිය ගැමි පවුලක් තුළ පවතින ප්‍රශ්න සහ තාඩන පීඩන පිළිබඳව මනා ලෙස විග්‍රහ කොට ඇත .පියාගේ මරණයෙන් පසු දුප්පත්කමේ තාඩන පීඩන වලට පීඩනවලට තම මව හා වැඩිමහල් සොහොයුරිය සමඟ මුහුණ දෙන ගම්බද විනීත ගැටවරයකු ගේ මානසික තත්ත්වය විකාශනය වන අ...

සරසවි වරම

Image
 "සාහිත්‍ය පෝෂණය සඳහා රුකුල් දීම බස් ග්‍රන්ථ කරණයෙහි නියැලීමට තරම් කාලය අවකාශය නොදැන මුත ඉඩක් ඉඩක්වත් අවස්ථාවක ශක්ති ප්‍රමාණයෙන් මෙබන්දක් නිබන්ධනය කිරීමෙන් භාෂාවට සාහිත්‍යයට යම් යම්කිසි සේවයක් කළා ඒ චිත්ත සන්තානය තුළ ලැගුම් ගන්නා ඉමක් කොනක් නැති අකලංක අහිංසක තෘප්තියම මාගේ පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් වශයෙන් හිතාමතා සැනසීමට පත්විය හැකි නමුදු විචක්ෂණ බුද්ධිය  යොමු යොමුකොට  විමර්ශන බුද්ධිය මෙහෙයවා තුලනාත්මකව යමක්කමක් තෝරා බේරා ගැනීමට හැකියාවක් ඇති අප සාහිත්‍ය හැදියාවට අත හිත දෙන කරුණාබර පාඨකයින්ට මෙම කතා එකතුවෙන් යම් ප්‍රමාණයක රස වින්දනයක් ලැබිය හැකි නම් එය මාගේ සතුටට හේතු වන බව සඳහන් කරමි ." ශ්‍රීපාලි වයමන් නම් කතුවරයකු විසින් රචිත සරසවි වරම කෙටිකතා සංග්‍රහය කෙටිකතා 18 කින් සමන්විත කෘතියකි .1964 දී රචිත මෙම කෘතියෙහි එකල මිල රුපියල් 3 කි.කෘතියෙහි අකුරු පට බැඳුම තුළ මෙම සමයෙහි රචිත සහ ප්‍රකාශිත කෘතීන්හි අකුරු හා සංසන්දනය කරන විට යම්තාක් විශාලව ප්‍රකාශයට පත් කොට ඇති බව පෙනේ.එමෙන් ම කෘතිය තුළ පවත්නා සාහිත්‍යමය ගුණාංග ඉස්මතු වනුයේ සාමාන්‍යයෙන් මනුෂ්‍ය භාවිතයන් තුළදී බඩුබාහිරාදිය මෙන්ම...

අවුරුදු නිවාඩුව

Image
  ගුණදාස ජයසේකර විසින් රචිත කෙටිකතා එකතුවක් වන අවුරුදු නිවාඩුව හුරුබුහුටි කෙටි කතා පොත 1966 වර්ෂයේ රචිතය . "ඇය මෝඩ එකියක් බව නිවැසියන් මෙන්ම අසල් වැසියෝ ද දනිති.ඒ නිසා ද ඇයට මෝඩ මැගිලින් නම පටබැඳීමට තරම් ගැමියෝ එඩිතර වූහ.සුනිලා ගේ ත් සීත්ගේත් සම්බන්ධය ඇය කොහෙත්ම නොරිස්සුවාය . එයට වඩාත්ම හේතු වූයේ ලැසියා ගේ පවුලෙහි දිළිඳුකම විය හැකිය .සුනිලා වැනි දුප්පත් කෙල්ලෙක් ඇසුරු කිරීමෙන් සිය සොහොයුරාට තම පවුලටත් අනාගතයේ ඇතිවිය හැකි කනගාටු තත්ත්වයන් මවුපියනට අවබෝධ කරවීමට ඇය නොයෙක් වෙහෙස දරුවා ය.සීත්ටත් සුනිලා ඇසුරු නොකරන ලෙස නොයෙක් වර අවවාද කළාය " මෑත අතීතය යුගයෙහි ශ්‍රී ලාංකේය සමාජය තුළ ප්‍රේමය පිළිබඳව මෙන්ම ඒ කෙරෙහි ආර්ථිකය බලපා ඇති ආකාරය ද පුද්ගල මනෝභාවයන් සහ හැසිරීම් ආදියද සියුම්ව නිරීක්ෂණය කරමින් ඒවා පාඨක ප්‍රජාවට ඉතාමත් රසවත් ආකාරයෙන් ගෙනහැර දැක්වීමට ගුණදාස ජයසේකර යනු සමත් වී ඇති ආකාරය ඉහත කෙටි ඡේදයෙන් පවා පැහැදිලි වේ .

දර්ශන

Image
සෝමලතා වෛද්‍යරත්න විසින් රචිත කෙටිකතා පෙළක් ලෙස දර්ශන කෘතිය පෙන්වා දිය හැක. මෙම කෘතිය ඇගේ පළමුවන ප්‍රකාශනයයි.1962 දී රචිත මෙම කෘතියෙහි එකල මිල රුපියලයි සත 75 කි.එහි පූර්විකාවෙහි මෙසේ සඳහන් වේ . "නවක ලේඛිකාවක වශයෙන් මගේ කෙටිකතා පළ කර මෙවැනි පොතක් ලිවීමේ මා දිරි ගැන්වූ "වනිතා විත්ති "පත්‍රයට මාගේ හෘදයාංගම ස්තූතිය හිමි වන්නේය ." ඒ අනුව පැහැදිලි වන්නේ ඇය පෙර වරින් වර කෙටි කතා රචනා කොට අදාළ ප්‍රවෘත්ති පත්‍රයට ඒවා සපයා පළකොට ඇති අතර ඉන් ලැබූ පන්නරය හේතුවෙන් ඇය මෙවැනි කෙටිකතා කෘතියක් නිර්මාණය කිරීමට පෙලඹුණු බවයි.කෘතියෙහි අන්තර්ගත කෙටිකතා ලෙස, ආපසු බැලීම  දෙ මසකින් පසු  ආලෝකය  අලුත් පාඩම  මෙහෙකරුවා  ඔහු කොහෙද  ගින්න  නොපෙනී ගිය තරුව  ආදරය  අයියාගේ පෙම්වතිය යන ප්‍රපංචය එකතු වී තිබේ .සරල බස් වහරකින් නිර්මාණය වී තිබීම නිසා කෘතිය සියලුම සියලුම ආකාරයෙහි බුද්ධි මට්ටම් වල පාඨක ජනතාවට මනා ලෙස වින්දනය කිරීමට හැකිවන හැකිවන අයුරින් නිර්මාණය වී ඇත .සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුල් තුළ ප්‍රේමය සහ ආර්ථිකය ආදී කරුණු කාරණා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දළ අවබෝධයක් ලබා ග...

අරුම පුදුම

Image
ලොව පුරා විවිධ කාලවල දී සිදුවුණු අපූර්ව සිදුවීම්සහ ජීවත් වූ විස්මිත මිනිසුන් පිළිබඳව කරුණු මෙන්ම ඒවා විස්තර කරන සුළු ආකාරයේ චිත්‍ර ද අඩංගු කෘතියක් ලෙස අරුම පුදුම කෘතිය පෙන්වා දිය හැකිය. ප්‍රියානි සිරිවර්ධන විසින් රචිත මෙම කෘතියෙහි ප්‍රථම මුද්‍රණය 1968 ජූලි මාසයේදීය.එකල මෙම කෘතියෙහි මිල රුපියල් දෙකයි සත විසිපහකි.සීමාසහිත ඇම් ඩී ගුණසේන සහ සමාගම විසින් මෙම කෘතිය ප්‍රකාශයට පත් කොට ඇත. කෘතිය තුළ මෙවැනි රසබර සහ විස්මයජනක සිදුවීම් 47 ක් දක්වා තිබේ. සිදුවීම අසලින්ම ඊට අදාළ චිත්‍රයක් සඳහන් කොට තිබීම හේතුවෙන් පාඨක මනෝ පරිකල්පනය සඳහා ඒ මහත් උපයෝගීතාවක් දක්වන බව පෙනේ. "වර්ෂ 1927 දෙසැම්බර් මස 8 වන දින අයර්ලන්ත වැසියන් ට නිල් පාට හඳක්  දැකීමේ භාග්‍ය අත්විය" "සර් අයිසෙක් නිව්ටන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට දෙවරක් පත් විය. ඒ අවුරුදු දෙක ඇතුළත ඔහු පාර්ලිමේන්තුවේ දී කතා කළේ එක් වතාවක් පමණි. එය ද පිටත සිටියකුට ජනේලයක් ඇරීම සදහා කල ඇමැතීමකි." මෙවැනි සිදුවීම් රාශියක් එහි අඩංගු වේ.අන්තර්ජාල භාවිතය ප්‍රචලිත වන තිබූ සහ ආර්ථික අපහසුතා සහිත පුද්ගලයින්ට අන්තර්ජාලයට ළඟාවීමට නොහැකි එවැනි අවදියක්...