Posts

Showing posts from June, 2021

සෙනෙහස

Image
  ජොනී ශ්‍රී වර්ණසිංහ විසින් 1960 දී රචිත සෙනෙහස නවකතාව විද්‍යාලංකාර මුද්‍රණාලය විසින් මුද්‍රණය කොට ඇත්තකි.ගැමි බස් වහර ට මුල් තැන දෙමින් නිර්මාණය කොට ඇති කෘතියක් ලෙස සෙනෙහස කෘතිය නිසැකවම පෙන්වා දිය හැකිය.නමුත් කෘතියෙහි අවසාන පිටු විශාල ප්‍රමාණයක් වැනි කොට ඇත්තේ පුෂ්පරාගය නම් කෘතිය ප්‍රවර්ධනය කිරීම උදෙසාය .පුෂ්පරාග නම් මෙම කතුවරයාගේ ම කෘතිය පිළිබඳව විවිධ පුවත් පත් සඟරා සහ මෙරට පතල නම් ඇති පුද්ගලයින් විසින් දක්වා ඇති අදහස් විචාර ලිපි ලේඛන පල කිරීම එහිදී සිදුවී ඇත. කෙසේ නමුත් සෙනෙහස නම් නවකථාව පුරාවට ම නවකථාව පුරාවට ම ගැමි ජන සුවඳ සහ ඔවුන්ගේ සිතුම් පැතුම් වල තිබෙන ආ විශේෂතා මෙන්ම ඒවාහි පරස්පර විරෝධී අවස්ථාද අවස්ථා ද මනා ලෙස පෙන්වා දී ඇත . "එච්චරයි කියලද අම්මා හිතුවෙ ඉස්කෝලෙ යනකොට තව කොච්චර වැඩ තියෙනවද ? යශෝරාවී මදක් වෙලා සිය පුතු දෙස බලා සිට මුවෙන් නොබැන ආපසු කුස්සියට ගියෙ මාලු හොද්ද ලිපියේ තැබීමටය.එදා රෑ හොඳට තිබුණේ ශත පනහකට ගත් කොරලි හතර දෙනාය .තෝර මාළු ආදිය ඔවුන්ගේ ගෙදර කැවෙන්නේ ඉතා කලාතුරකිනි.සිරිපාල තවමත් බූරු ඇඳේ ම දිග ඇදී කල්පනා සහගතව සිටියේ ය . කෑම උයා නිමවන තෙක්ම හෙතෙම එසේ ...

හිරගෙදර විප්ලවය

Image
H.S.S. නිශ්ශංක මහතා විසින් රචිත හිරගෙදර විප්ලවය කෘතිය දාස් නවසිය හැට හතර අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් වූවකි.ආශ්‍රිත ග්‍රන්ථ විස්සක් භාවිත කොට නිර්මාණය කොට ඇති මෙම කෘතිය එකල රුපියල් දෙකයි ශත පනහකි. හිරේ වැටුණු මිනිස්සු  නව වර්ගයක අපරාධකාරයෝ අපරාධ එකට ඇබ්බැහි වන අන්දම  අපරාධ කරන ළමයි සොරුන්ගේ සංවිධානය  රෝග නිසා කරන අපරාධ සයිකොයිස් රෝගය සිත අපරාධයකට යොමු කරවන වෙනත් මානසික රෝග  ලංකාවේ හිරේ වැටෙන සංඛ්‍යාව අපරාධ හා දිළිඳුකම යන මාතෘකා පිළිබඳව පළමු කොටසෙන් සාකච්ඡා කරන අතර දෙවන කොටසෙන් සාකච්ඡා කරනුයේ , පෝරකයට යනු ලැබූ අහිංසකයෝ  මරණ දඬුවම ගැන පර්යේෂණ  මරණ දණ්ඩනයට පක්ෂ තර්ක  මරණ දණ්ඩනය නැති කිරීම  යන කරුණු පිළිබඳව ය. දෙවන කොටසෙන් සාකච්ඡාවට ගන්නා කරුණු වන්නේ , මරණයෙන් නිදහස ලත් එකසිය පනස් දෙනෙක්  අපරාධ සහ පොලිසිය  අපරාධකාරයා සහ හිරගෙදර අපරාධකාරයා හා සමාජය  යන මාතෘකාවේ. ගෝලීය සහ දේශීය වශයෙන් මරණ දණ්ඩනය පිළිබඳව ඇති මත වාද සහ ඒ පිළිබඳ සිද්ධීන් සහ අත්දැකීම් පිළිබඳව වඩාත් ප්‍රබල ලෙස සහ වඩාත් බලපෑම් සහගත ලෙස සාකච්ඡා කරන කෘතියක් ලෙස මෙම කෘතිය පෙන්ව...

උපන්දාසිට වික්‍රමය

Image
  "දැනට ජීවතුන් අතර වෙසෙන අසහාය සිංහල ලේඛක යන වශයෙන් හඳුන්වනු ලබන මාර්ටින් වික්‍රමසිංහයෝ මෑත යුගයේ සාහිත්‍ය හා ලේඛනය පිළිබඳ විචාරය විචාරයේ පුරෝගාමියෙකු ලෙස සලකනු ලැබෙති .උන් විසින් නූතන පුරාතන පත පත පිලිබඳවත් සිංහලයන්ගේ සිතුම් පැතුම් පිළිබඳ වත් ඇදහිලි හා විශ්වාසයන් පිළිබඳ පිළිබඳව නූතන වත් නූතන ලේඛකයන්ගේ හා කවීන් ගේ සාහිත්‍ය කෘතීන් පිළිබඳ වත් නානා අවස්ථාවන්හිදී ග්‍රන්ථයෙන් මෙන්ම ලිපි ලේඛන යෙන්ද කරන ලද විචාරණ විවරණ හා විවේචන බොහොමයක් කියවීමෙහි භාග්‍යය හෝ අභාග්‍යය ලද උන්ගෙන් මෙය ලියන්නා ද කෙනෙකි" කෘතියෙහි ආරම්භයෙහි වීතරාගය නම් පළවෙනි පරිච්ඡේදයෙහි මෙම උපන්දා සිට වික්‍රමය කෘතියෙහි රචකයා වන කේ බී සුගතදාස මහතා දක්වන්නෙ ඉහත පරිදිය.ඒ අනුව කෘතිය පුරාවට මෙරට ගැමි සිතුම් පැතුම් පිළිබඳව හා මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ සේවය පිළිබඳව පැහැදිලි කොට ඇත්තේ ය.මෙම කෘතියෙහි පළමුවන මුද්‍රණය 1963 වර්ෂයේ දී වන අතර එය මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කොට ඇත්තේ කොළඹ සීමාසහිත ඇම් ඩී ගුණසේන සහ සමාගම විසිනි.ඉහත දක්වා ඇති කන්ඩයෙ හි පළමු වාක්‍ය කිය වූ වහාම අවබෝධ වනුයේ මෙම කෘතිය රචනා වී ඇත්තේ මාර්ටින් වික්‍රමසිංහයන් ජී...