නො මළ මල්

 


"කෙටිකතා කරුවෙකු හැටියට කතුවරයා තුළ පවත්නා කෞශල්‍ය ඉස්මතු වී පෙනෙන කතා කිහිපයක් නො මළ මල් අතර ඇත .එයින් කුරුලු පවුල, ආලයේ වේදනා  හා නියම පෙම්වත්තු මෙහි සඳහන් කළ හැක .ශික්ෂණයෙන් මෙන්ම බුද්ධියෙන් මුහුකුරා ගිය ලේඛකයෙකු තුළ දක්නට ලැබෙන තරම් වූ අවලෝකන ශක්තියකුත් සංයමය කුත් මේ කතා වල ඇතැම් තැන් කියවන විට ඉස්මතු වී පෙනෙයි.එය මේ තරුණ කතාකරුගේ ගෞරවය පිණිස සිටින්නකි.ඉහත සඳහන් කතා සතුන් මුල් කොටගෙන ගෙතුණු ඒවා ය.ඉතින් මිනිසුන් පාත්‍ර කොටගෙන ගෙතෙන කතා වලදීත් මේ නිපුණතාවය මෙලෙසින්ම දැක් වතොත් අනාගතයෙහි මඩවල රත්නායක තුළින් පරිසමාප්ත කෙටිකතා කාරයකු දැකීම දුෂ්කර නොවෙයි"

ඉහත දක්වා තිබෙන්නේ මෙම කෘතිය පිළිබඳව ලංකාදීප පුවත් පතෙහි 1960 .05.19 දින පළවූ ලිපියක කොටසකි .

මඩවල එස් රත්නායක in විසින් රචිත නොමළ මල් කෘතිය සීමාසහිත සමන් ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කරන ලද කෘතියකි .1960 වර්ෂයේදී  රචිත මෙම කෘතිය සිංහල සාහිත්‍යයට එක් කොට ඇති අගනා බව අතිමහත්ය .

ඒත් ආදරෙයි

තේරුමක් නෑ

සදවති

කුරුලු පවුල 

කුහුඹුවෝ 

විභාග මහතා 

ආදරයේ වේදනාව

ආලයේ වේදනා 

නො මළ මල් 

හුරතලා 

ඇගේ කතාව හා නියම පෙම්වති යන කෙටිකතා වලින් මෙම කෘතිය සමන්විතය .

අක්ෂර සංයෝජන ප්‍රමාණය ඉතා කුඩාවට මෙම කෘතියෙහි භාවිතා කොට ඇති අතර මෙහි කවරෙ නිර්මාණය වන්නේ සරල ව අඳින ලද මල් සිතුවමකිනි.

Comments

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම