චාරිකා


 1959 වර්ෂයෙහි ඊ.ඇස් රත්නවීර කතුවරයා විසින් රචිත චාරිකා කෘතිය කොළඹ එම් ඩී ගුණසේන ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කරන ලද්දකි.කෘතියෙහි පේනවද මේ දක්වා ඇති ආකාරයට කතුවරයා ඇතුළු බොහෝ පිරිසක් පස් වසරකට පෙර ගුවනින් දිගු ගමනක් ගොස් ඇති අතර එම අවස්ථාවන් වලදී ඔවුහු යුරෝපීය රටවල් කිහිපයක් අත ආසියාවේ රටවල් කීපයකද සංචාරය කර ඇත. එම ස්ථාන සහ එම රටවල් දැකීමෙන් ඔවුන් තුළ ජනිත වූ අදහස් හා හැඟීම් සිංහල පාඨකයා ඉදිරිපිට තැබීමට ඔවුනට සිත් වී ඇති අතර රචකයා පෙන්වා දෙන්නේ ඒ එම අවස්ථාවන් හි සහ රටවල් වල ඇති නව ගතිය නිසා නොව ඉගෙනගත යුතු බොහෝ දෑ ඒ තුළ ගැබ්ව පවතින බැව පෙන්වා දෙමිනි .ඒ අනුව මෙම කෘතිය ගමන් විස්තරයක් ලෙස පෙන්වා දිය හැකි අතරම කතුවරයා අවධාරණයෙන් යුතුව  පවසා සිටින්නේ එය හුදෙක් දුටු දෙය පිළිබඳව නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කිරීමක් හැර ඔවුන්ගේ දෘෂ්ටිවාද සහ මතවාදය සමඟ මුසුකොට පාඨක චිත්ත සන්තානය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමේ අරමුණින් පටු අරමුණු උදෙසා ක්‍රියාත්මක වීමක් නොවන බව ය.

එකල රුපියල් දෙකක් වූ මෙම කෘතියේ කවරෙ නිර්මාණය කොට ඇත්තේ අතින් අදින ලද සිතුවමක් ආශ්‍රයෙනි.මෙහි ඇතුළත පිටු ද අනෙක් පොත් වල පිටු වලට සාපේක්ෂව යම් තරමක් වෙනස් ය .එනම් ඒවා දිලිසෙන සහ වඩාත් සිනිඳු ස්වභාවයකින් යුක්ත වේ .

ඔවුන් එහිදී දුටු කාන්තාවන් පිළිබඳව සහ ඔවුන් ලැබූ අත්දැකීම් පිළිබඳව දක්වනුයේ ඉතාමත් ආකර්ශනීය ආකාරයෙන් භාෂාව හසුරවමිනි.

"ජපන් කිමෝනාව කින් සැරසී ජපන් අවානක් සුරතින් ගත් පනස් විය ඉක්මවූ නුදුරු අතීතයේ රූමතියක ව සිටි බව පළ කරන කාන්තිමත් දේහයක් ඇති එක් කාන්තාවක් වේදිකාවෙන් බැස කථිකාසනය වෙත සෙමින් සෙමින් ගමන් කළාය .ඇය අධ්‍යාපන ආයතනයක මහාචාර්යවරියකි .එපමණක් නොවේ ළමුන්ගේ ආරක්ෂාව උදෙසා සංවිධානය කළ ද ජපන් සංගමය සභාපති ධූරයද උසුලන්නීය.ලෝක ගුරු සමුළුවේ උප සභාපති ධුරය කින් ගෞරව කරනු ලැබූ මෙතුමිය කතා කිරීමට සැරසෙත්ම සියල්ලෝම ඈ හරි සරින් පිළිගෙන අත්පොළසන් දෙන්නට වූහ."

ඉහත ආකාරයෙන් ලෝකයේ රටවල් රාශියක අපූර්ව අද්දැකීම් සහ ඒවායෙහි සමානතා මෙන්ම විවිධ තා පිළිබඳවද කෘතිය තුළ මනා ලෙස සාකච්ඡාවට බඳුන් කොට ඇත .අතීත ලෝක සංචාරයක් විඳ ගැනීමට කැමැත්තෙකු විසින් අනිවාර්යයෙන්ම කියවිය යුතු කෘතියක් ලෙස මෙම කෘතිය පෙන්වා දිය හැක .


Comments

Popular posts from this blog

සීතල ගනන්

කරුණාව සොයා යාම