සරණ
මාලී, මේ ඉරණම ද ? , අපල කාලේ වැනි නිර්මාණාත්මක රචනා වන්ගෙන් කරළියට පැමිණි නන්ද කණ්ඩම්බි ශ්‍රී ලංකා නීති විද්‍යාලයට බැඳී නීතිඥ විභාගයෙන් සමත් වූවෙකි . මාලි නැමති ජනප්‍රිය රහස් පරීක්ෂක නවකතාව නන්ද කණ්ඩම්බිගේ පළමුවන සාහිත්‍ය කෘතිය විය .ඔහු විසින් ලියන ලද මේ ඉරණමද නැමැති කෙටිකතා එකතුව ද විචාරකයන්ගේ පාඨකයන්ගේ කොතෙකුත් පැසසුම් ලබා ඇත .ඔහු ලියු අපල කාලයේදී ඉතාමත් ජනප්‍රිය නවකතාවකි .
සීමාසහිත ඇම් ඩී ඩි ගුනසේන සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කොට ඇති මෙම නවකතාව වර්ෂ 1964 මැයි මාසයේ රචනා කරන ලද්දකි.තම භාෂා කෞශල්‍ය මනා ලෙස ඉදිරිපත් කිරීමට නන් ද කතුවරයා ඉතා උපක්‍රමශීලී ලෙස කතාවෙහි සාරාංශයක් තැනින් තැන ගොතා ඉදිරිපත් කොට ඇත.වාච්‍ය පරිසමාප්තයෙන්ම මෙම කතාව ඉතා රසවත්ය.
"අවශ්‍ය බඩු රැගෙන ඈ ගෙදර ගියාය. ඇය හා සීමන් මුදලාලි සම්බන්ධ කොට ගැමියන් කොතෙකුත් පද හදා තැනින් තැන කීවත් දැන් ඇයට ඒ ගැන කිසි ගණනක් නැත .තමන් සීමන් මුදලාලි කෙරෙහි නැමුණේ නොවැළැක්විය හැකි අන්දමකට බව ඇයට වැටහෙයි.ජෝන් ගෙදරින් ගියාට පසු ගත වුණු කාලය තුළ ඇයට කරුණාවන්තව උපකාර කළ එකම තැනැත්තා ඔහු විය . ඔහුගේ උපකාර නැතිව ඇයටත් දරුවාටත් ආහාර ලබා ගැනීමට පවා නොහැකි වනු නියතය. ලෙඩට දුකට පිහිට පිහිට වන සීමන් මුදලාලි කෙරෙහි බැඳීම ඇයට කෙසේ වෙතත් නැවැත්විය නොහැකි විය .ඈ ඔහුට අවනත වූයේ නිරායාසයෙනි .මාස කිහිපයක්ම මුදලින් හා වෙනත් දෑ වලින් උපකාර කළ ඔහුගේ ඉල්ලීම කිසිසේත් පැහැර හැරිය නො හැකි යැයි ඇයට සිතුණි බැවින් ඇය ඔහුට නැමුනා ය .එය දුටු පමණින් හෝ හුදෙක් කාමුක චේතනාවෙන් ඇති වූ සම්බන්ධතාවයක් නොව ඈ කෙරෙහි බල පැවැත්වූ අසරණභාවය නිසා නිරායාසයෙන් ඇති වූ සම්බන්ධකමක් යැයි ඇයට සිතෙන්නට විය ."
ලෝකය ලෝක ස්වභාවය හා පුද්ගල චිත්ත සන්තානය තුළ හට සන්තානයන් තුළ හටගන්නා සිතිවිලි වල සංකීර්ණ භාවය මෙන්ම මානව සමාජ සම්බන්ධතා වල ව්‍යුහය මූලික මානව අවශ්‍යතා උදෙසා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙම කෘතිය පරිශීලනය කරන්නෙකුට මනා අවබෝධයක් ලබාගත හැකිය . පුද්ගල සංස්කෘතික සම්බන්ධකම් වලට ලබාදෙන වටිනාකමට වඩා පුද්ගල නිදහසට වැඩි වටිනාකමක් ලබා දිය යුතු බව කෘතියෙහි වක්‍රව ප්‍රකාශ කොට ඇත.
Comments
Post a Comment