කරුණාව සොයා යාම
කෙටිකතා 15කින් සමන්විත කරුණාව සොයා යාම සංග්‍රහය ජිනදාස ලේල්වල විසින් රචිත කෘතියකි.වර්ෂ 1957 දී මෙහි ප්‍රථම මුද්‍රණය සිදු වී ඇත්තේ සීමාසහිත ඇම් ඩී ඩි ගුනසේන සහ සමාගම විසිනි.
"දවස මුළුල්ලේ පොල් කොහු ගොඩක් ළඟ තබාගෙන තබා ගෙන ඉන් මද මද ව අල්ලේ මැද තබාලා දෙඅත්ල අඹරවමින් ගිහි පස්සා පැත්තේ මුළු දවසම ගත කරන ඔහුගේ බිරිඳ නැත්නම් පිට පිටම තුනට වෙලේ බඩගින්න ඉන්නට සිදු වෙනවට කිසි අනුමානයක් නැත.රේස් දිනුම ඇඳුනා ට පසු අහල පහල උදවිය වෙනදාට වැඩියෙන් ඇයිහොඳයිකම් පවත්වන්නට පටන් ගත්හ .දැන් නිතර නිතර බත් බුලත් සූදානම් කරන්නට සිදුවේ ."
මෙහි එක් කෙටිකතාවක දක්වා ඇති කොටසක් ඉහතින් ඉදිරිපත් කොට ඇත . වාසියක් ඇති තැනට සියල්ලන්ම එක්වන ආකාරය පිළිබඳව එයින් වඩාත් ප්‍රකට වේ .දිනුම් ඇදීමෙන් පසුව හමුවූ ඉතා විශාල මුදල් ත්‍යාග පිළිබඳව නිවැසියනට වඩා අසල්වැසියන් අවධානයෙන් සිටින බව එයින් කියවේ .ලොව බොහෝ අවස්ථාවල ඉතා විශාල මුදල් ත්‍යාගය ජයග්‍රහනය කල පුද්ගලයින් ඒවා ලබා ගැනීමට අදාළ ආයතන වල ආයතන වලට ගිය විට මාධ්‍ය ඔස්සේ ඒවා ප්‍රචාරය නොකරන ලෙස ඉල්ලා සිටින්නේ මෙම හේතුව නිසාවෙනි .එවිට මුදල් ත්‍යාගය තමාට පරිභෝජනය කිරීමට අවස්ථාව නොලැබෙන අතර අන් සියල්ලන්ටම එය බෙදා දීමට සිදුවේ .
කෘතියෙහි භාෂාත්මක ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කරන විට වැඩි ඉඩක් ගැමි භාෂාව කෙරෙහි සපයා ඇති ආකාරය පෙනේ .සමාජ සංස්ථාව යථා ස්වභාවය ඒ අයුරින්ම පාඨකයා ඉදිරියේ නිරූපණය කිරීමට කතුවරයා ගෙන ඇති උත්සාහය සාර්ථක බව කෘතිය කියවා අවසන් කරන ඕනෑම කෙනෙකුට අවබෝධ වේ .ඉංග්‍රීසි භාෂාවෙහි ඇතැම් වචන සිංහල අකුරෙන් ලියා තිබීමේ දී සිදුවී ඇති දෝෂ කිහිපයක් සහ වැරදි උච්චාරණ සහිත වචන ලියා තිබීම මෙහි දැකගත හැකි වුවත් සාහිත්‍යමය ගුණයෙන් සහ ගැමි සමාජ සංස්කෘතිය නිරූපණය කිරීමෙහිලා කතුවරයා දක්වා ඇති ශක්‍යතාවය ඇගයිය යුතුය .
Comments
Post a Comment