ගමක ගමන


 බක්මී වැවේ මද්දුම බණ්ඩාර විසින් 1963 මැයි මාසයෙහි රචිත ගමක ගමන කෘතිය එවරස්ට් මුද්‍රණ ශිල්පියෝ සහ ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කොට ඇත.මෙය කතෘ අයිතිය සහිතව ප්‍රකාශයට පත්කොට ඇත්තකි.කෘතියෙහි පිදුම හෙවත් පූජෝපහාරය කතුවරයාගේ මව්පිය දෙපළ වෙනුවෙන් වෙන්කොට ඇත්තේ ඉතා නිර්මාණශීලී සාහිත්‍ය භාවිතාවකිනි.

"හෙළ බසෙහි රස විඳින්නට පින මතු කොට දී ,සදහටම මගින් වියෝ වූ මා පෙම්බර දෙමාපියන්ගේ සදාදරණීය නාමයට මේ මාගේ කුළුදුල් පබඳ පූජෝපහාරයක් වේවා "

කෘතියෙහි පෙරවදන ලියවා ඇත්තේ ශ්‍රී චන්ද්‍රරතන චන්ද්‍රරත්න මානවසිංහයන් ලවාය .

"ගමක ගමන මම කියැවීමි.නැවත නැවත නැවත ද කියවීමි .එය මටනම් රසවත්ය .ගමක ගමන පොතේ කෘතිම ආවේශයක් නැත්තේය .ආයාසයෙන් ගොඩනගාගෙන ,අලුත් අඩු  බඩු වලින් හැඩ දැමූ චරිත සටහන් නැත්තේය .ඇහේ බබා රැවටීමට ගත් ප්‍රයත්නයක ලක්ෂණ නැත්තේය .කොයි ගමේත් නොවේ නම්නම් බොහෝ ගම්වල ගස්කොලන් යට ඉබේ ඇදී ගිය රේඛාවන්ගෙන් එකතුවක් එහි තිබේ .ඒවා සටහන් කර ඇත්තේ ගමේ කටට හුරු පුරුදු බසිනි .ඒ නිසාවෙන් මෙය සිංහලෙන් ලියැවුණු පොතක් සේ හැඳින්වීමට මම උනන්දු වෙමි ."

මානවසිංහයන්ගේ පෙරවදනෙන්ම පැහැදිලි වනුයේ මෙම කෘතිය තුල බොරු ආටෝප නොමැති බවත් එය නියම සිංහල සංස්කෘතිය සංස්පර්ශය කරමින් නිර්මාණය වී ඇති කෘතියක් බවත් ය.සැබැවින්ම මෙම නවකතාව තුළ සිංහල ගැමි බසට ලැබී ඇත්තේ මහත් ඉඩහසර කි .චරිත භාවිතය භාවිතය ද කතාවෙහි නිමිත්ත වඩාත් ප්‍රකට වන ආකාරයෙන් යොදා ගෙන ඇත.ගැමි උපමා ආප්තෝපදේශ සහ ඒ ඒ වෘත්තීන්ට සහ ප්‍රාදේශීය ප්‍රාදේශීයව අනන්‍ය වූ භාෂා ලක්ෂණ ද මෙම කෘතිය තුල දක්නට හැක.සෑම කුඩා දෙයක්ම පාහේ වඩාත් විස්තරාත්මකව දැක්වීමට මෙන්ම ඒවාහි කලාත්මක භාවය  සහ කතා වස්තුවට ඒවායේ අදාලත්වය නිවැරදි ලෙස ගලපා ගැනීමට ගළපා ගැනීමට කතුවරයා අතිශයින්ම සමත් වී ඇති බව කෘතිය මනා ලෙස කියවීමෙන් පැහැදිලි කරගත හැක.කෘතියෙහි වඩාත්ම විශේෂ දෙය නම් ගැමි ජන සුවඳ එලෙසින් ම කෘතිය තුළ තුළ ගැබ්වී තිබීමයි .අතිශයෝක්ති සහ පුනරුක්ති රහිතව වඩාත් සරල සුගම බසකින් මෙන්ම උසස් සාහිත්‍ය ලක්ෂණ ද ආරක්ෂා කරමින් ම කෘතිය නිර්මාණය වී ඇත.

හෙළ සංස්කෘතියේ අපූර්ව තැන් සොයා යමින් ඒවා මානසිකව භුක්ති විඳීමට කැමති සියල්ලන්ම කියවිය යුතු කෘතියක් ලෙස ගමක ගමන කෘතිය පෙන්වා දිය හැක .


Comments

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම