හිත පුපුරන දුක
1961 ජූනි මාසයෙහි රචිත හිත පුපුරන දුක කෘතිය සිරිසේන මාඉටිපේ විසින් නිර්මාණය කරන ලද්දකි.එකල මෙම කෘතියෙහි මිල රුපියල් 3 කි.කෘති අවසානයෙහි පිටු රාශියක් වෙන් කොට ඇත්තේ මෙහි එන අපහසු යැයි සැලකෙන වචන පැහැදිලි කොට තේරුම් බේරුම් කොට දීමටය .
කෘතිය තුළ භාවිතා කර ඇති සාහිත්‍ය භාවිතය උසස් රසවින්දනාත්මක ලක්ෂණ පෙන්නුම් කරයි.තරමක් විදග්ධ බසකින් රචනා වී ඇති මෙම කෘතිය සිංහල භාෂාව පිළිබඳ පරීක්ෂණ ඇත්තන්ට වඩාත් උචිත කෘතියක් බව පෙන්වා දිය හැක .විටෙක ගත්තෙ සාහිත්‍යයෙන් හැඩ වන මෙම කෘතිය තවත් විටෙක සාකච්ඡා මේ ස්වභාවයකින් ප්‍රශ්න විමසමින් පිළිතුරු සපයමින් කතාව ඉදිරියට ගෙන යයි .සිංහල ව්‍යාකරණය කෙරෙහි කෘතිය තුළ දක්වා ඇත්තේ මහත් අවධානයකි .කෘතියෙහි ඉදිරිපස කවරය තද කොළ පැහැයකින් නිර්මාණය කොට ඇති අතර එය අලංකාරවත් කිරීමට චිත්‍ර යොදාගෙන තිබේ .චිත්‍රවල වැඩි ඉඩක් තැඹිලි වර්ණයට ලබාදී ඇති අතර කෘතියෙහි නම නිර්මාණය කොට ඇත්තේ සුදු පැහැති කොටු අකුරු වලිනි .බලවත් උන්ගේ බලකාමය ට යටත් වී පීඩා විඳින දුප්පතුන් සමාජ විප්ලවයක් සහ අරගලයක් අයුරින් නැගී සිටීම සමාජයීය වශයෙන් කෙතරම් වටිනා දෙයක් ද යන්න සහ එතුළින් බලවත් පක්ෂයට ඇතිවිය හැකි අර්බුද පිළිබඳව ද ඔවුන්ට තිබෙන ජීවිත අවදානම පිළිබඳව ද මෙම කෘතියෙහි සාකච්ඡා කෙරේ.
"ඇඳුමෙන් පැළඳුමෙන් ද ඉඩකඩම් වතුපිටි රන් රන්රුවන් ආදියෙන් ද තත්ත්වයෙන් හා ගරුත්වයෙන් ද පොහොසතා නැගී සිටින්නේ බබළන්නේ තේජස් පාන්නේ දුප්පතාගෙ ශ්‍රම ශක්තිය නිසාම බව උගත් ලෝකයාට වැටහී ගියේ අද ඊයේ නොවේ .මේ මිහිපිට ආරම්භයේ මිනිසා ඇති වන දා පටන් අද දක්වා දුබලයාගේ කර පිට නැගී බලවතා ජය හඬ නගන සැටි අමුතුවෙන් විස්තර කිරීමක් අනවශ්‍ය යැයි සිතමු .සමාජවාදය ප්‍රජාතන්ත්‍රවාදය ආදිය දැන ඉගෙන ගෙන ජන සමාජය වේගයෙන් දියුණු වේගන යන මේ නූතන යුගයේ පවා දුප්පතුන් පාගා දමන්නට තව තවත් ඔවුන්ගේ දුක වැඩි කරන්නට ඔවුන් නිසා තමන් දියුණු වන්නට දඟලන පොහොසතුන් බලවතුන් හැම රටකම වාගේ සිටිත්.දුප්පතා කෙරෙහි ඇති පොහොසත් ආගමේ වෛරය සදා නොමැකෙන නොමැරෙන අහෝසි නොවන නොවනවා බද්ධ වෛරයක් යනුවෙන් හැඳින්විය හැක හැඳින් විය හැක.
Comments
Post a Comment