දර්ශන
සෝමලතා වෛද්‍යරත්න විසින් රචිත කෙටිකතා පෙළක් ලෙස දර්ශන කෘතිය පෙන්වා දිය හැක. මෙම කෘතිය ඇගේ පළමුවන ප්‍රකාශනයයි.1962 දී රචිත මෙම කෘතියෙහි එකල මිල රුපියලයි සත 75 කි.එහි පූර්විකාවෙහි මෙසේ සඳහන් වේ .
"නවක ලේඛිකාවක වශයෙන් මගේ කෙටිකතා පළ කර මෙවැනි පොතක් ලිවීමේ මා දිරි ගැන්වූ "වනිතා විත්ති "පත්‍රයට මාගේ හෘදයාංගම ස්තූතිය හිමි වන්නේය ."
ඒ අනුව පැහැදිලි වන්නේ ඇය පෙර වරින් වර කෙටි කතා රචනා කොට අදාළ ප්‍රවෘත්ති පත්‍රයට ඒවා සපයා පළකොට ඇති අතර ඉන් ලැබූ පන්නරය හේතුවෙන් ඇය මෙවැනි කෙටිකතා කෘතියක් නිර්මාණය කිරීමට පෙලඹුණු බවයි.කෘතියෙහි අන්තර්ගත කෙටිකතා ලෙස,
ආපසු බැලීම
දෙ මසකින් පසු
ආලෝකය
අලුත් පාඩම
මෙහෙකරුවා
ඔහු කොහෙද
ගින්න
නොපෙනී ගිය තරුව
ආදරය
අයියාගේ පෙම්වතිය යන ප්‍රපංචය එකතු වී තිබේ .සරල බස් වහරකින් නිර්මාණය වී තිබීම නිසා කෘතිය සියලුම සියලුම ආකාරයෙහි බුද්ධි මට්ටම් වල පාඨක ජනතාවට මනා ලෙස වින්දනය කිරීමට හැකිවන හැකිවන අයුරින් නිර්මාණය වී ඇත .සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුල් තුළ ප්‍රේමය සහ ආර්ථිකය ආදී කරුණු කාරණා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දළ අවබෝධයක් ලබා ගැනීමට මෙම කෘතිය කියවීමෙන් හැකිය .
Comments
Post a Comment