අරුම පුදුම


ලොව පුරා විවිධ කාලවල දී සිදුවුණු අපූර්ව සිදුවීම්සහ ජීවත් වූ විස්මිත මිනිසුන් පිළිබඳව කරුණු මෙන්ම ඒවා විස්තර කරන සුළු ආකාරයේ චිත්‍ර ද අඩංගු කෘතියක් ලෙස අරුම පුදුම කෘතිය පෙන්වා දිය හැකිය. ප්‍රියානි සිරිවර්ධන විසින් රචිත මෙම කෘතියෙහි ප්‍රථම මුද්‍රණය 1968 ජූලි මාසයේදීය.එකල මෙම කෘතියෙහි මිල රුපියල් දෙකයි සත විසිපහකි.සීමාසහිත ඇම් ඩී ගුණසේන සහ සමාගම විසින් මෙම කෘතිය ප්‍රකාශයට පත් කොට ඇත. කෘතිය තුළ මෙවැනි රසබර සහ විස්මයජනක සිදුවීම් 47 ක් දක්වා තිබේ. සිදුවීම අසලින්ම ඊට අදාළ චිත්‍රයක් සඳහන් කොට තිබීම හේතුවෙන් පාඨක මනෝ පරිකල්පනය සඳහා ඒ මහත් උපයෝගීතාවක් දක්වන බව පෙනේ.

"වර්ෂ 1927 දෙසැම්බර් මස 8 වන දින අයර්ලන්ත වැසියන් ට නිල් පාට හඳක්  දැකීමේ භාග්‍ය අත්විය"

"සර් අයිසෙක් නිව්ටන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට දෙවරක් පත් විය. ඒ අවුරුදු දෙක ඇතුළත ඔහු පාර්ලිමේන්තුවේ දී කතා කළේ එක් වතාවක් පමණි. එය ද පිටත සිටියකුට ජනේලයක් ඇරීම සදහා කල ඇමැතීමකි."

මෙවැනි සිදුවීම් රාශියක් එහි අඩංගු වේ.අන්තර්ජාල භාවිතය ප්‍රචලිත වන තිබූ සහ ආර්ථික අපහසුතා සහිත පුද්ගලයින්ට අන්තර්ජාලයට ළඟාවීමට නොහැකි එවැනි අවදියක් තුළ ලොව පුරා තොරතුරු කරුණු දැන ගැනීමට සහ ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ලබාගැනීමට අරුම පුදුම වැනි පොත් ඉතාමත් ප්‍රයෝජනවත් වී ඇති ආකාරය සැබැවින් ම පැහැදිලි වේ.

Comments

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම