සරසවි වරම


 "සාහිත්‍ය පෝෂණය සඳහා රුකුල් දීම බස් ග්‍රන්ථ කරණයෙහි නියැලීමට තරම් කාලය අවකාශය නොදැන මුත ඉඩක් ඉඩක්වත් අවස්ථාවක ශක්ති ප්‍රමාණයෙන් මෙබන්දක් නිබන්ධනය කිරීමෙන් භාෂාවට සාහිත්‍යයට යම් යම්කිසි සේවයක් කළා ඒ චිත්ත සන්තානය තුළ ලැගුම් ගන්නා ඉමක් කොනක් නැති අකලංක අහිංසක තෘප්තියම මාගේ පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් වශයෙන් හිතාමතා සැනසීමට පත්විය හැකි නමුදු විචක්ෂණ බුද්ධිය  යොමු යොමුකොට  විමර්ශන බුද්ධිය මෙහෙයවා තුලනාත්මකව යමක්කමක් තෝරා බේරා ගැනීමට හැකියාවක් ඇති අප සාහිත්‍ය හැදියාවට අත හිත දෙන කරුණාබර පාඨකයින්ට මෙම කතා එකතුවෙන් යම් ප්‍රමාණයක රස වින්දනයක් ලැබිය හැකි නම් එය මාගේ සතුටට හේතු වන බව සඳහන් කරමි ."

ශ්‍රීපාලි වයමන් නම් කතුවරයකු විසින් රචිත සරසවි වරම කෙටිකතා සංග්‍රහය කෙටිකතා 18 කින් සමන්විත කෘතියකි .1964 දී රචිත මෙම කෘතියෙහි එකල මිල රුපියල් 3 කි.කෘතියෙහි අකුරු පට බැඳුම තුළ මෙම සමයෙහි රචිත සහ ප්‍රකාශිත කෘතීන්හි අකුරු හා සංසන්දනය කරන විට යම්තාක් විශාලව ප්‍රකාශයට පත් කොට ඇති බව පෙනේ.එමෙන් ම කෘතිය තුළ පවත්නා සාහිත්‍යමය ගුණාංග ඉස්මතු වනුයේ සාමාන්‍යයෙන් මනුෂ්‍ය භාවිතයන් තුළදී බඩුබාහිරාදිය මෙන්ම හැඟීම් ප්‍රකාශනයේ දී මානුෂ චිත්ත සන්තානයන් තුළින් නිර්මාණය වී අවසන මුඛයෙන්හෝ නාසයෙන් හෝ උච්චාරණ පද්ධතියෙහි කුමන හෝ යම් අංගයකින් නිර්මාණය  වන  ශබ්ද රටා එලෙසින්ම කෘතිය තුළ නිර්මාණය කිරීමට උත්සාහ දරා තිබීමයි.

ජන බස් වහර තුළ භාවිතා කරන අපූර්ව රස කතා සහ යෙදුම් ද මේ තුළ නියමාකාරයෙන් භාවිත කොට ඇත ."මම ඔවුන්ට අනුකම්පා කළා.අනුකම්පා කරන්ට කරන්නට ඔවුන් මට භූමි කම්පා කළා."

සිංහල ජන වහරෙහි පවත්නා රසමුසු තැන් හඳුනා ගැනීමට මෙන්ම ඒ තුළින් සූක්ෂමව ශ්‍රී ලාංකේය ජන සමාජය විනිවිද දැකීමට වඩාත් උචිත ම කෘතියක් ලෙස සරසවි වරම කෘතිය පෙන්වා දිය හැක.

Comments

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම