කඩතොලු
"උපවංශ ඇලිකේවල කන්ද උඩරට කඩුගන්නාව අසල අමුණුපුර ය නැමැති ගමේ 1935 මාර්තු මස 3 වැනි දින උපන්නේය.ගමේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ හා අනතුරුව මහනුවර ධර්මරාජ මහා විද්‍යාලය ද අධ්‍යාපනය ලැබුවේය.ලංකාදීප කතෘමන්ඩලයේ 1954 සිට 1962 දක්වා පත්‍ර කලාවේදියකු වශයෙන් සේවය කළ ඔහු ඒ කාලයේ දී කොළඹ ක්‍රමය යටතේ ශිෂ්‍යත්වයක් ලබා ඕස්ට්‍රේලියාවේ පත්‍ර කලාව පිළිබද පිළිබඳ වැඩිදුර පුහුණුවක් ලැබුවේය "
කඩ කළ කෘතිය රචනා වී ඇත්තේ 1966 දී ය .සමකාලීන කෘතීන් දැක්වෙන ප්‍රධාන අංගයක් වන්නේ පොතෙහි අවසානයෙහි පිට කවරයෙහි අදාල කතුවරයා පිළිබඳව පැහැදිලි විස්තරයක් ඉහත පරිදි දක්වා තිබීමයි .එහිදී කතුවරයාගේ පෞද්ගලික විස්තර වලට යම් වටිනාකමක් ලබා දෙන මුත් වඩාත් වැඩි අවධානයක් යොමු කොට ඇත්තේ කතුවරයාගේ වෘත්තීය සුදුසුකම් හා ලේඛන පරිචය පිළිබඳව පැහැදිලි කිරීමටය.ඉතා හුරුබුහුටි නවකතා කෘතියක් ලෙස හැඳින්විය හැකි මෙම කෘතිය ගැමි පවුලක් තුළ පවතින ප්‍රශ්න සහ තාඩන පීඩන පිළිබඳව මනා ලෙස විග්‍රහ කොට ඇත .පියාගේ මරණයෙන් පසු දුප්පත්කමේ තාඩන පීඩන වලට පීඩනවලට තම මව හා වැඩිමහල් සොහොයුරිය සමඟ මුහුණ දෙන ගම්බද විනීත ගැටවරයකු ගේ මානසික තත්ත්වය විකාශනය වන අන්දමට ලේඛකයා මෙහි කතාව නිර්මාණය කොට ඇත .ආලයේ සියුම් වින්දනයත් අතරෙන් සමාජය හැඩ ගැස්වීමේ උදාර එහෙත් කල් කල්ගතවන සේවයක ඔහු යෙදෙයි .කතාව ඉදිරිපත් කිරීමේදීද සිද්ධියක් විස්තර කිරීමේ දී ද මෙන්ම දෙබස් වල දී ද අල්ප වූ වචන ප්‍රමාණයක් ප්‍රශංසනීය අන්දමින් යොදා ගෙන තිබීම මෙම කෘතිය අනෙක් කෘති වලට වඩා සුවිශේෂී වීමට බලපා ඇති කාරණය ලෙස පෙන්වා දිය හැක.
Comments
Post a Comment