උපන්දාසිට වික්‍රමය
"දැනට ජීවතුන් අතර වෙසෙන අසහාය සිංහල ලේඛක යන වශයෙන් හඳුන්වනු ලබන මාර්ටින් වික්‍රමසිංහයෝ මෑත යුගයේ සාහිත්‍ය හා ලේඛනය පිළිබඳ විචාරය විචාරයේ පුරෝගාමියෙකු ලෙස සලකනු ලැබෙති .උන් විසින් නූතන පුරාතන පත පත පිලිබඳවත් සිංහලයන්ගේ සිතුම් පැතුම් පිළිබඳ වත් ඇදහිලි හා විශ්වාසයන් පිළිබඳ පිළිබඳව නූතන වත් නූතන ලේඛකයන්ගේ හා කවීන් ගේ සාහිත්‍ය කෘතීන් පිළිබඳ වත් නානා අවස්ථාවන්හිදී ග්‍රන්ථයෙන් මෙන්ම ලිපි ලේඛන යෙන්ද කරන ලද විචාරණ විවරණ හා විවේචන බොහොමයක් කියවීමෙහි භාග්‍යය හෝ අභාග්‍යය ලද උන්ගෙන් මෙය ලියන්නා ද කෙනෙකි"
කෘතියෙහි ආරම්භයෙහි වීතරාගය නම් පළවෙනි පරිච්ඡේදයෙහි මෙම උපන්දා සිට වික්‍රමය කෘතියෙහි රචකයා වන කේ බී සුගතදාස මහතා දක්වන්නෙ ඉහත පරිදිය.ඒ අනුව කෘතිය පුරාවට මෙරට ගැමි සිතුම් පැතුම් පිළිබඳව හා මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ සේවය පිළිබඳව පැහැදිලි කොට ඇත්තේ ය.මෙම කෘතියෙහි පළමුවන මුද්‍රණය 1963 වර්ෂයේ දී වන අතර එය මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කොට ඇත්තේ කොළඹ සීමාසහිත ඇම් ඩී ගුණසේන සහ සමාගම විසිනි.ඉහත දක්වා ඇති කන්ඩයෙ හි පළමු වාක්‍ය කිය වූ වහාම අවබෝධ වනුයේ මෙම කෘතිය රචනා වී ඇත්තේ මාර්ටින් වික්‍රමසිංහයන් ජීවත්ව සිටි කාලයේ බවය.
කෘතියෙහි නිමිත්ත වශයෙන් දක්වා ඇති කුඩා ඡේද කිහිපය කලාකාමී හා සාහිත්‍ය ප්‍රිය අප සැමගේ අවධානයට වඩාත් යොමු විය යුත්තේ එහි ඇති වැදගත් භාවය නිසාවෙන්මය .එනයින් එම කොටස මෙලෙස පහතින් සඳහන් කරමි.
"තම ජීවිත කාලය සිංහල භාෂා සාහිත්‍යයේ පරිපෝෂණය සඳහා කැප කොට නොනැසෙන නමක් තබා දිවංගත වුණු සාහිත්‍ය කීර්ති ඩබ්ලිව් ඒ සිල්වා මහතා නං සිහි කිරීමේ උත්සවයකට සහභාගී වුණු සාහිත්‍ය ශූරී මාර්ටින් වික්‍රමසිංහ මහතා පළ කර සිටි මතයක් මේ පොත ලිවීමේ නිමිත්ත විය.ඩබ්ලිව් ඒ සිල්වා මහතා නං සිහිපත් කිරීමේ හොඳම පිළිවෙල නම් ඔහුගේ සාහිත්‍ය කෘතීන් විවේචනය කිරීම යයි එදා වික්‍රමසිංහයෝ දක්වා සිටියහ.දැනට හෙළදිව සිටින අසහාය සිංහල ලේඛකයන් වශයෙන් ලබාගත් wiruddha වලින් ගෙන් බබළන වික්‍රමසිංහ ශූරීන්ගේ මේ මතය ඔස්සේ සිත්සතන් මෙහෙයවූ අපට වැටහී ගියේ අනෙකකි .එනම් දිවංගත ලේඛකයෙකුගේ සාහිත්‍ය කෘතීන් විවේචනය කිරීමෙන් සිදුවිය හැකි සේවයට වැඩි සාහිත්‍ය සේවයක් තවමත් අප අතර වෙසෙන මහා ලේඛකයකු තියක් විවේචනයට භාජනය කිරීමෙන් සලසා ලිය හැකි බවය .
මේ වැටහීම අනුව මාර්ටින් වික්‍රමසිංහයන් කුඩා කල සිට කළකම් දෙඩූ කම් ඇසූ විත්ති දුටු දැකුම් සහ සිතුම් පැතුම් පමණක් නොව කියූ කියුම් හා කියවූ පොත් පත් ද සිහිපත් කරවමින් ලියු උපන්දා සිට නම් ග්‍රන්ථය විචාරයන් විමසා බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ පොත් පිංච ලියවිණි .
වැටහෙන ඇත්ත නොසගවා පළකිරීම උදාර සිංහල ලේඛක අනුව යේ පාරම්පරික උරුමය හෙයින් මේ විවේචනයේ දී අපගේ අදහස් දැක්වී ඇත්තේ පුද්ගලයින් පිළිබඳ හිතා හිතවාදයක් අනුව නොව සත්‍යය ටත් සිංහල භාෂාව සාහිත්‍යයටත් අප තුළ ඇති නොමද ඇල්ම අනුව ය"
මාර්ටින් වික්‍රමසිංහයන් හෙළි කළ පරිදි යම් සාහිත්‍ය කෘතියක වටිනාකම තව තවත් වැඩි වනුයේ එම සාහිත්‍ය කෘතිය පිළිබඳව විචාර යෝජනා චෝදනා සහ විවරණ ඉදිරිපත් කිරීම මගිනි.ඒවා සම සිතින් දරා ගැනීමට කතුවරයා මෙන්ම සියලූ පාර්ශ්ව එකඟ විය යුතුය.සාහිත්‍යයක උන්නතිය සිදු වන්නේ එවිටය.
එකල මිල රුපියල් දෙකයි ශත පනහක් වූ මෙම කෘතිය මෙකල ඇත්තවුන් අනිවාර්යෙන්ම කියවිය යුත්තේ සාහිත්‍ය විචාරයක් සිදු කරනුයේ කෙලෙසද යන්න වඩාත් නිවැරදිව අවබෝධ කරගැනීම සඳහාය .
Comments
Post a Comment