මල් වැස්සක් වසින තුරා

 "දාපන් ඩෝ සත දහයක් බීඩියක් බොන්ඩ" බාටොන් අල්ල දික් කළේය.

"සතයක් වත් මං ගාව නැහැ බං"

"උඹ ලඟ කවදද ඩෝ සල්ලි තියෙන්නේ කාලකන්නියා."

"අපි තවම ඉගෙන ගන්න ළමයි නේ"

"ඉගෙනගෙන කාටද බං හරි ගියේ" කිවූ බාටෝන් අහක බලා ගත්තේය.

"උඹේ ඔය කකුල බැඳල තියෙන්නෙ ඇයි?"  බාටෝන්ගේ දකුණු පය දෙස බලමින් මම ඇසුවෙමි.

"වෙන් ඇයි වෝකින් ඉන් ද පුවක්වත්ත ලේන් තඩි බල්ලෙක් මගේ ඇඟට පැන්නා නේ"

 බාටෝන් පැවසුවේ තමා ඉංගිරීසිත් සිංහලත් දන්නා බව අඟවන්නට ය.

මල් වැස්සක් වසින තුරා කෘතියෙහි 23 වන පිටුවෙහි ඉහත ඡේදය දක්වා ඇත. මෙහි බස ඉතා සරලය.නමුත් උපහාසය දැක්වීම් එහිලා එම බස් වහර වඩාත් උචිත පරිදි යොදා ගැනීමට මෙහි කතුවරයා වන නීල් විජේරත්න සමත්ව ඇත.කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ එවක (1970‍)ශිෂ්යයකු ව සිටි නීල් විජේරත්න නිර්මාණකරුවා මෙම නව කතාව රචනා කරනුයේ ඔහුට වයස දාහතක් ව තිබිය දී ය.උත්සාහයෙන් උගනිමින් තමාගේ මෙන්ම තම දුප්පත් පවුලේ ද අනාගතය වෙනස් කරන දිරිය දරුවකු පිළිබඳව මෙම කෘතියෙහි විග්‍රහ වේ.පිටු ප්‍රමාණයෙන් කුඩා නවකතාවක් වුවත් දුප්පත්කම සමාජය වශයෙන් මෙන්ම තවත් බොහෝ අංශවලින් පුද්ගලයා පීඩාවට පත් කරන ආකාරය මෙම කෘතියෙහි විස්තර වන්නේ ඉතා අනුවේදනීයවය.





Comments

Post a Comment

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම