දහසින් බැඳි පියල්ල
ගැමි සුවද එලෙසින් ම විඳ දරා ගැනීමට ප්‍රියතාවයක් දක්වන සෑම පාඨකයෙක් ම කී විය යුතු ඉතා වටිනා කෘතියක් ලෙස දහසින් බැඳි පියල්ල ගද්‍ය කෘතිය පෙන්වා දිය හැක.කේ ඩී පී වික්‍රමසිංහයන්ගේ රචනාවක් වන මෙම කෘතිය වර්ෂ 1963 හි දී රචිත කර්තෘ ප්‍රකාශනයකි .කෙටිකතා සංග්‍රහය තුළ
ප්‍රතිඵලය
සූදානම
නැති වූ තරුණයා
ගෙවල් පේළිය
දෙමාපියන්ගේ වචනය
ගනුදෙනු
ඇරයුම්පත
දහසින් බැඳි බැඳි පියල්ල
කාසියේ වාසිය ඇතුළු කෙටිකතා විස්සක් ගෙනහැර දක්වා තිබේ.ඔහු පෙන්වා දෙන්නේ මීට පෙර ඔහු කෙටිකතා පිළිබඳව දීර්ඝ නිබන්ධනයක් ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් පාඨක ප්‍රජාවට ලබා දුන් බවයි.එමෙන්ම මෙම කෙටිකතාද ඔහු අවුරුදු කීපයක් ගෙන ඉතා සැලකිල්ලෙන් ලියා එකතු කරන ලද කෙටිකතා බව ඔහු පෙන්වා දෙයි .ඔහු පවසනුයේ ඔහු ලියු වඩාත් රසවත් ම සහ වඩාත් උසස්ම ගණයේ කෙටිකතා මෙම කෘතිය තුල අන්තර්ගත වන බවට ඔහු විශ්වාස කරන බවයි.කෘතිය අවසානයේ ලංකාදීප දවස රිවිදින the ceylon daily news වැනි පුවත්පත් කර්තෘවරුන් විසින් මෙම කෘතිය පිළිබඳව දැක්වූ අදහස් ඉදිරිපත් කොට තිබේ.
Comments
Post a Comment