එරොප්පෙ කතා
මීමන ප්‍රේමතිලකයන් විසින් රචිත ඒරොප්පේ කතා කෘතිය දේශ සංචාරක තොරතුරු ඇතුළත් කෘතියකි.කොළඹ සීමාසහිත ඇම් ඩි ගුනසේන සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කොට ඇති මෙම කෘතියෙහි ප්‍රථම මුද්‍රණය 1956 වර්ෂයේදී ය.එංගලන්තය ජර්මනිය ප්‍රංශය ආදී යුරෝපීය රටවල් වල සිදුකරන ලද සංචාරයන් වල දී සිදු වූ සිදුවීම් සහ එහි දී දුටු අපූර්ව විවිධ දෑ පිළිබඳව මෙම කෘතියෙහි වර්ණනාත්මකව සඳහන් කොට ඇත.ඊට අමතරව එම අදාල ස්ථාන හා අදාල පුද්ගලයින් හා සම්බන්ධ අතීත කතා මෙන්ම විදේශිකයෙකු ලෙස එහි ආශ්‍රය ලබන විට ඇතිවන ඇතිවන සිතුවිලි පිළිබඳව ද මෙම කෘතිය තුල ඉදිරිපත් කොට ඇත.එම උපක්‍රමය භාවිතය හේතුවෙන් මෙය හුදු තොරතුරු රචනා කිරීමක් ලෙස නොව රසවත් කතාන්දරයක් බවට පරිවර්තනය වී ඇත.
"හිට්ලර් යුද්ධය පටන් ගත්ත ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නොමැතිව බව පෙනෙයි.ඔහු ලෝක ආධිපත්‍යය කෙරෙහි කෙතරම් විශ්වාසයක් තැබීම යත් ජර්මන් සේනාවට ප්‍රංශය යටත් වූ පසු හිට්ලර් ප්‍රංශයේ විශාල හෝටලයකට විත් එය අනාගත ලෝක පාලනයේ දී ඔහුගේ ප්‍රධාන කාර්යාලය වන බව ප්‍රකාශ කළේය .එමතුද නොවේ.ඒ හෝටලය අසල පිහිටි දේවස්ථානයට ගොස් හිට්ලර් ඔහුගේ ජයග්‍රහණ ගැන දේව පූජාවක් පවත්වා දෙවියන්ට ස්තුති කළේය ."
ජර්මනිය සිදුකළ රාත්‍රී සංචාරය පිළිබඳව නිර්මාණකරුවා කරුණු එළිදක්වන්නේ උත්කර්ෂයෙනි.
"මත්පැන් ශාලාවේ මත්පැන් බොන අය මිහිරි ගීත සෙඳ මත් කිරීමට සංගීතයක් පැවැත්වෙයි.එක් වාදකයෙකු පියානෝව වාදනය කරමින් ගැයූ ගියේ තාලය මගේ කනට හුරු පෙරදිග තාලයක් මෙන් මට දැනිණි.ඒ ගීත තාලයෙන් මතු මම තවත් මදක් වෙලා එහි ගත කිරීමට ඉටා ගතිමි .අත්පොලසන් මධ්‍යයෙහි ගීතයන් අවසාන වූයේ එහි රිද්මයන් සිත තුළ ඇතුළෙහි දෝංකාර කරවමිනි."
මේ ආකාරයෙන් වඩාත් කලාත්මක පසුබිමකින් කෘතිය රචනා කිරීමට මීමන ප්‍රේමතිලකයන් සමත් වී ඇති බව පෙනේ .මීට වසර ගණනාවකට පෙර යුරෝපීය සම්භවය සහිත සමාජ සංස්ථාවල සැරිසැරීමට කැමති කෙනෙකු අනිවාර්යෙන්ම කියවිය යුතු කෘතියක් ලෙස ඒරොප්පේ කතා කෘතිය පෙන්වා දිය හැක.එකල මෙහි මිල රුපියලයි සත 50 කි .
Comments
Post a Comment