කුමරි බිල්ල


 සාමාන්‍ය ජන ජන සමාජයට තේරුම් ගැනීමට යම් තරමකට අපහසු වන ආකාරයෙන් වඩාත් උසස් සිංහල භාෂාවක් යොදාගෙන නිර්මාණය කර ඇති කෘතියක් ලෙස කුමරි බිල්ල කෘතිය පෙන්වා දිය හැක. එකල මෙම කෘතියෙහි මිල රුපියල් දෙකයි ශත පනහකි.වර්ෂ 1963 he ජූනි මාසයෙහි රචිත මෙම කෘතිය කිත්සිරි කුමාරසිංහයන්ගේ රචනාවකි. ඔහු පළ කළ අනෙක් පොත් අතර ,

බිළිඳු ගීය

කවි රසාර 

තැටි දිවිය

වඩු කවුඩු හබය

දයාව

පළිඟු කුමරිය වැනි කෘති පෙන්වා දිය හැක .

මෙම කෘතියේ ඇති භාෂාවෙහි උසස් ලක්ෂණ පහත කොටසින් ම පැහැදිලිව හඳුනාගත හැක.

"මේ සියල්ලක්ම ඉවසා ගෙනැ යැ ඒ රටට දැනැ ගැන්නට නො සලස්වා සැම කටයුත්තක්ම කළේ  යටි පිටැ දොම්නස හා උඩු පිටැ සොම්නැස හා පෑ  ගෙනෑ යැ"

පිටු 185 කින් සමන්විත මෙම කෘතිය කියවා නිම කරන කෙනෙකුට සිංහල භාෂාවෙහි පරිණාමය තුළ සිදුවී ඇති විවිධ වෙනස්කම් පිළිබඳව මනා ලෙස අවබෝධ කරගත හැක.

Comments

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම