චරිතයක් නැති නායකයෝ
අතිගරු ඇස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ නාමයට උපහාරයක් ලෙස රචනා කොට ඇති චරිතයක් නැති නායකයෝ කෘතිය ඇම් සී සොයිසා මහතාගේ රචනයකි .1963 ජනවාරි මාසයෙහි මෙම කෘතියෙහි පළමු මුද්‍රණය සිදු වී ඇත.
"බන්ධනාගාරයේ වටා නවකතාවක් මෙතෙක් ලියැවී ඇත්දැයි මම නොදනිමි.මෙවැනි කතාවක් ගෙතීමට මා ඇදී ගියේ "මලියි මමයි" නම් කතාව ලිවීමේදී බන්ධනාගාරයේ හත් අවුරුද්දක් ගත කළ හැටි කියන්නට සිදු වීමෙනි .එහි ප්‍රතිඵලයක් වශයෙන් චරිතයක් නැති නායකයෝ නම් එම කෘතිය බිහි වේ "
කෘතියෙහි පෙරවදනේ දී ඉහත පරිදි කතුවරයා දක්වා ඇත්තේ මෙය බන්ධනාගාරයක් වටා ගෙතෙන කතාවක් බවයි.ඒ අනුව සමකාලීන ව පැවැති කතා තේමාවන් වලට වෙනස්ව යමින් නව වින්දනාත්මක මගකට සිංහල සාහිත්‍ය ක්‍රමය යොමු කරමින් මෙම කතාව ඉදිරිපත් වී තිබේ.
"මෙතෙක් මා සිතා සිටියේ උපත සිට විපත දක්වා කෙනෙකුට ඔහුගේ සිතැඟි පරිදි ක්‍රියාකළ හැකි බවයි .ඒ සිතුම් පැතුම් නීතිය මගින් බොරු කර ඇත.
මේ ශරීරයේ මගේ යැයි මා මෙතෙක් සිතා සිටි නමුත් රජයට අයිති බව මා දැනගත්තේ අදයි ....යනුවෙන් එක්තරා වෙසඟන ක ඇයට උසාවිය මගින් සිර දඬුවමින් පසු එම උසාවි යෙදීම කියූ බව අසා ඇති කට කතාව මට මතක් වෙයි.සමහර විට එම කතාවේ සත්‍යතාවක් නැති වන්නට පුළුවන.එහෙත් නීතිය ක්‍රියාවේ යෙදීමේදී සමාජ චාරිත්‍ර වාරිත්‍ර වලට සෑම පුරවැසියෙකුම යටත් විය යුතු බවට හොඳම නිදසුනකි මේ.. .
සිරගෙට නියම වූවෙකුට කතා කිරීමේ නිදසුනක් හැසිරීමෙනි දහසක් හැසිරීමේ නිදහසක් සීමා කර තිබේ .නිල දරුවන් ගේ අවසරය නොලබා අතක් පයක් හෝ තැනකින් තවත් තැනකට ගත නොහැකි සේ නීතියෙන් බැඳ තබා ඇත ."
නීතිය පිළිබඳ සමාජ දෘෂ්ටිකෝණයෙන් මෙන්ම නීතියේ රැහැනට හසු වූ අපරාධ කාරයන් වැනි පුද්ගලයින් ඇතුළු සමාජ සංස්ථාවේ සංස්ථාවෙහි සාමාන්‍ය සාමාජිකයන්ගේ අත්දැකීම් පරිකල්පන සහ නිගමන ද මෙහි මැනවින් දක්වා තිබේ .මෙම කතා පන්තිය තුළ නීතියේ ආධිපත්‍යය බන්ධනාගාරයේ සිරදඬුවම් වලට ලක් වීම ඇතුළු සමස්ත නීතිමය ක්‍රියාදාමය පිළිබඳව අවබෝධයක් ලබා දෙනු සමගම අපූර්ව කථාන්දරයක් ද ඉදිරිපත් කෙරෙයි .
ඒ අනුව එකල තිබූ ඒකාකාරී කතා රටාව නව ආරකට ගෙන ආ කෘතියක් ලෙස චරිතයක් නැති නායකයෝ කෘතිය නිසැකවම පෙන්වා දිය හැක.
Comments
Post a Comment