ඉර සේවය
"උසින් නාමින් සිටියේ නිල් පැහැති චීත්තයක් තන පට බැඳගෙනය . තරුණයා වරක් ඇගේ ලැම පාර්ශ්වය දෙසත් වරක් ඇගේ මුහුණ දෙසත් දැඩි ලෝභයෙන් බලන්නට වන .ඇගේ අත් පා පමණක් නොව නියපොතු පවා දිලිසෙන ස්වභාවයකින් යුක්තය.මෙබඳු අංග ලක්ෂණ ඇති වන්නේ රාජ මෙහෙ සේනට යන පුරාණ පණ්ඩිත මතය බොරුවක් බවට මේ දාසිය සාක්ෂියක් නොවේදැයි ඔහු ට සිහිවිය.සුසී තවත් වතුර කළ ගෙඩි තුන හතරක් නං එතෙකින් නෑම අවසන් කොට ආතර් උන් තැන ගලක් මතුයෙහි තබා තිබූ තම රෙදි හැටත් රැගෙන මදක් ඈතට ගොස් වහ වහා ඒවා ඇද ගත්තාය .ඇය ලහිලහියේ කලබලයෙන් රෙදි හැට්ට අර ගනිද්දී ඒ සමග තිබූ දම්වැල් පට ගල උඩ වැටී තිබිණ ."
ටී ධර්මබන්ධු මහතා විසින් 1964 අප්‍රේල් මාසයේ රචනා කරන ලද ඉර සේවය කෘතියෙහි එන කොටසක් ඉහතින් දක්වා තිබේ.සමකාලීන සමාජ ලක්ෂණ ආශ්‍රය කර කර ගනිමින් වඩාත් සාර්ථක ලෙස ම රචනා කොට ඇති කෘතියක් ලෙස ඉර සේවය කෘතිය පෙන්වා දිය හැක.ඉංග්‍රීසි භාෂාව හා මුසුවූ සිංහල භාෂාවෙහි ලක්ෂණ ද මෙම කෘතිය තුළ නොඅඩුව දක්නට ලැබේ.සිංහල මධ්‍යම පාන්තික ලෝකය පිළිබඳව මෙන්ම ගැමි බව ආශ්‍රය කරගත් සමාජ වටපිටාවන් හි විවිධ වූ සංසිද්දී මෙන්ම මිනිසුන්ගේ සිතුම් පැතුම් අත්දැකීම් සහ ඔවුන්ගේ ජීවන පිළිබඳ තොරතුරු නිර්මාණාත්මක ප්‍රවේශයකින් පාඨකයා වෙත තිළිණ කිරීමට කතුවරයා ගෙන ඇති උත්සාහය අතිශයින්ම සාර්ථක ය.
තරුණයා විසින් සුසී පිළිබඳ හැඟීම් කවියට නගන්නට ගත් උත්සාහ ලෙස කවි විසි දෙකක් මෙම කෘතියෙහි දක්වා ඇත .එම කවිවල භාවිතා කර ඇති වියරණ සහ සාහිත්‍යමය ලක්ෂණ ඉතා උසස් තත්වයේ හි පවතී.
කෙසේ වෙතත් තරුණ හැඟුම් ක්ෂණිකව වෙනස් වන ආකාරය පිළිබඳව සහ මානුෂීය සමාජ සම්බන්ධතා වල ස්වභාවය මනාලෙස අවබෝධ කර ගැනීමට කැමැත්තෙකු අනිවාර්යෙන්ම කියවිය යුතු කෘතියක් ලෙස ඉර සේවය කෘතිය පෙන්වා දිය හැක .
Comments
Post a Comment