උදානය

 


වර්තමානයෙහි ඉතා ජනප්‍රියව සිටින සුමිත්‍රා රාහුබද්ධ නැමැති කතුවරිය විසින් වර්ෂ එක්දහස් නවසිය හැත්තෑ නවයේ දී රචිත උදානය කෘතිය කොළඹ ගුණසේන ආයතනය විසින් ප්‍රකාශයට පත් කොට ඇත්තකි.සුමිත්‍රා රාහුබද්ධගේ දෙවැනි නවකතාව මෙයයි."බුමුතුරුණු" නමින් මෙයින් වසරකට පෙර පළ වූ ඇගේ පළමු නවකතාවෙන් ම නෑ සිංහල නවකතා ක්ෂේත්‍රයේ ඇති අතිශය ජනප්‍රිය පහන් කණුවක් බවට පැමිණියාය .ඒ නිර්මාණය කළ චරිත අතිශය තියුණු ය ගැඹුරුය .එය අතින් අල්ලා ගත හැකි තරමටම අපට ළඟය ."බුමුතුරුණු"තුළින් නෑ දැක්වූ නිපුණත්වය නිර්මාණ කෞශල්‍ය උදානය මගින් වඩාත් උත්කර්ෂවත් අන්දමින් දක්නට පුළුවන.

එකල මෙම කෘතියෙහි මිල රුපියල් දොළහයි ශත පනහකි .වඩාත් සජීවී චරිත නිර්මාණයෙහි ලා නිර්මාණයෙහිලා සමකාලීන සමාජයෙහි ලක්ෂණ මනා ලෙස ගැබ් වූ චරිත නිර්මාණයෙහි ලා නිර්මාණයෙහිලා කතුවරිය දක්වා ඇති සමත්කම කෘතිය කියවන ඕනෑම කෙනෙකුට පැහැදිලි වන්නේ නිසැකව ම ය.කෘතිය තුළ සරල සිංහල සහ සමාජයීය වශයෙන් සිංහල භාෂාවේ දක්නට ලැබෙන විශේෂතා මනාලෙස ඔප් නංවා ඇත.

"මවක වීමේ ආසාව මාතර ඇති ඇති වූයේ මා විවාහ වන්නට ද පෙරය.කොටින්ම හෙක්ටර්ව හඳුනාගන්නට ද පෙරය.තරුණ මවක් සිය දරු සිඟිත්තා සිප ගන්න දකින විට පාසල් දැරියකව සිටියදී ද මා තුළ ඇති වූයේ ඒ දරුවා සිත ගැන්මේ ආසාවයි .හෙක්ටර් සමග මිතුරු කාලයේ අපගේ අනාගතය ගැන පුන පුනා කතා කරද්දී මගේ මාතෘකාව හැමවිටම දරුවෙකු වටා ගොඩ නැගුණි .එවිට ඔහු මා හැඳින්වූයේ වයසට වඩා මේරූ අම්මන්ඩි යනුවෙනි.හෙට ගැහැනියක් වන අද යොවුන් දැරියකගේ සිහිනය සහජයෙන්ම මාතෘත්වය හා බැඳී පවතී යැ යි මම සිතමි .  ඇය ජීවිතයේ ලබන ඉහළම පදවිය උත්තම පදවිය මව් පදවිය නොවන්නේද? "

මේ ආකාරයට කාන්තාවකගේ චිත්ත සන්තානය තුළ පවත්නා ආශාවන් සහ ඒවා තම දෘෂ්ටි කෝණය අනුව දෘෂ්ටිකෝණය අනුවම යමින් වඩාත් නිවැරදි කර සමාජයට පෙන්වීමට සහ සාධාරණීකරණය කිරීමට ඇය ගෙන ඇති උත්සාහය සෑම විටම පාහේ කාන්තාවකගේ අභ්‍යන්තර මානසික ක්‍රියාවලිය පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙයි.

මෑතකාලීන අතීතයෙහි රචිත රසවත් කෙටි කතාවක් ලෙස උදානය කෙටිකතාව පෙන්වාදිය හැකිය .

Comments

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම