දරදිය ඇද්දෙමි
ගුණදාස පෙරේරා විසින් රචිත දර දිය ඇද්දෙමි නවකතා සංග්‍රහය 1966 සැප්තැම්බර් මාසයේ දී රචිත ය.නුගේගොඩ දීපානි මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත් කොට ඇති මෙම කෘතිය සරල සුගම බස් වහරකින් රචිතය .
කෘතියෙහි පරිච්චේදයෙන් පරිච්ඡේදයට ආරම්භයේ දී කිසියම් කෙටි කතාවකින් හෝ කිසියම් නාට්‍ය කෘතියකින් හෝ එසේත් නොමැති නම් පුටුවෙහි රචනා කොට ප්‍රසිද්ධ වන ලද ග්‍රන්ථයක යම් කොටසක් උපුටා ගෙන දක්වා ඉන් පසුව කතාව ආරම්භ කොට ඇත.
ලොකු කුඩා කාටත් කියවා අවබෝධ කරගත හැකි අයුරින් කතාව නිර්මාණය වී තිබී මෙහිදී භාෂා භාෂාව පිළිබඳව සරල සුගම ලෙසින් බලා ඇතුවාක් මෙන් ම කතා අභ්‍යන්තරය කෙරෙහි ද කෙරෙහිද එය ඉතාමත් ඵලදායී ආකාරයෙන් යොදා ගෙන ඇත .සිදුවීම් විස්තර කිරීමෙහිලා කතුවරයා භාවිත කොට ඇති වඩාත් ප්‍රබලතම උපක්‍රමය නම් වඩාත් උචිත නිදසුන් ගෙන අදාළ සිද්ධීන් පැහැදිලි කිරීමයි.එමෙන්ම ඊට අදාළ ලෙසින්ම උපමා යොදා ගැනීම ද කතුවරයා බොහෝ අවස්ථාවල සිදු කොට ඇත .එම යොදා ගන්නා උපමා ආදිය ද ගැමි ජීවිතයට වඩාත් සමීප සහ පහසුවෙන් වටහා ගත හැකි ආකාරය වටහාගත හැකි ආකාරයෙන් යොදා ගැනීමට කතුවරයා නිරන්තර අවධානය යොමු කොට ඇති බව පෙනේ.
ඒ අනුව සරල සුගම ලෙසින් අවබෝධ කොටගෙන වඩාත් උසස් රස වින්දනයක් ලැබීමට කැමැත්ත කියවිය යුතු කෘතියක් ලෙස දරදිය ඇද්දෙමි කෘතිය පෙන්වා දිය හැක.
Comments
Post a Comment