දීප්තිමතී
දිප්තිමතී නවකතාව ඇඩ්මන් ගුණරත්න විසින් එක්දහස් නවසිය පනස් හයේදී රචනා කොට සීමාසහිත ඇම් ඩි ගුනසේන සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කොට ඇති කෘතියකි.එකල කෘතියෙහි මිල රුපියල් දෙකයි ශත පනහකි.
"මෙය වූ කලි ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ලඝු ලේඛකයෙකු වශයෙන් පත්වීමෙන් පසුව දෙවිසි වන වියේ දී පමණ අපගෙන් ලියැවුනු නව කතාවකි.එකුන් විසි වන ශත වරවර්ෂයේ තුන්වන දශක ආරම්භයේ දී එසමයෙහි ඉදිරිපත් ව පැවතුණ ජාතික ආගමික හා සාමාජික ප්‍රශ්න පසුබිම් කොට මෙය සම්පාදනය කරන ලද්දේ ය .එහෙත් සිංහල සාහිත්‍යයත් සිංහල නවකතා වත් සිංහල ග්‍රන්ථ කරණය හා ගද්‍ය පද්‍ය නිබන්ධනයත් විදේශික හා ස්වදේශික බලවේගයන්ගෙන් මැඩ පැවැත් වී පැවති සමයක නිබන්ධනය වුණු මෙයින් මෙකල මතු ව පවත්නා ජාතික සමාජ හා ශාසනික ප්‍රශ්න වලට පිළිතුරක් ලැබේද නොලැබේද යන්න පාඨකයා විසින් විසඳාගත යුතු ප්‍රශ්නයකි."
ඉහත ප්‍රකාශයෙන් පෙනීයන්නේ කෘතිය තුළ ලංකාවේ සාහිත්‍යය ප්‍රබෝධයට සහ පුනර්ජීවනයට කතුවරයා යම් කටයුත්තක් කිරීමට උත්සාහ දරා ඇති බවත් එහි සාර්ථක අසාර්ථක භාවය තීරණය කිරීමට පාඨකයාට අවස්ථාව සලසා දී ඇති බවත්ය .කෘතියෙහි පළවෙනි පරිච්ඡේදය පටන් ගන්නේම විවාහ වූ දින ම වැන්දඹුවක වීම යන මාතෘකාව සහිත කතාවකිනි.ඒ අනුව පවත්නා ඒකාකාර ය රචනා මාදිලියෙන් පිට පැන පිටපැන වඩාත් පෙරළිකාර ආකාරයෙන් රචනා කටයුතු සිදු කිරීමට කතුවරයා සමත් වී ඇති බව එමගින්ම පැහැදිලි වේ.
සාහිත්‍ය සහ ව්‍යාකරණය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත් වීමට වඩාත් කැමැති පුද්ගලයකු මෙන්ම එකල සමාජ පරිවර්තනය තුළ නවකතාව ඒ කෙරෙහි බලපා ඇති ආකාරය මෙන්ම අදාළ සමාජ විපර්යාස තුළින් ඇතැම් ඇතැම් ලක්ෂණ නවකතාව තුළට බලපා ඇති ආකාරය ද මනා ලෙස අවබෝධයට ලක් කර ගැනීමට කැමැති කෙනෙකු අනිවාර්යෙන්ම කිව යුතු කෘතියක් ලෙස මෙම ගති කෘතිය පෙන්වා දිය හැක .
Comments
Post a Comment