ගුරුවරයෙකුගේ දිනපොත
වීරසේන මුතුහෙට්ටි විසින් රචිත රත්න මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ගුරුවරයකු ගේ දිනපොත කෘතිය 1968 හි දී රචිතය.කෘතිය තුළ ගැමි රසය එලෙසින්ම පවත්වා ගැනීමට කතුවරයා ගැමි භාෂාව යොදා ගැනීම මෙන්ම ගැමි වටපිටාව තුළ පවත්නා ස්වභාවික සෞන්දර්යය ද මෙම කෘතිය තුළට මනාව අන්තර්ගත කොට ඇත.
නංගිට එවූ ලියුම සහ අවුරුදු ගමන
නිරුදක වැලි කතරක වෙසෙන්නියක්
සුන්දර හසුන් පත
ශිෂ්‍යයාව ක හා බැඳගත් ප්‍රේමය
ගුරුවරයා ගේ දිනපොත
මිතුරන් දෙදෙනකු පිළිබඳ කතාවක්
උන්මත්තකයෝ
සිනමා හලේ දී හමුවූ වරඟන නැමැති කෙටිකතා මෙම කෘතිය තුල අන්තර්ගත වන අතර එම කෙටි කතා කෙටිකතා 8 තුළම සිංහල ජීවන සුවද මනා ලෙස ගැබ් වී තිබෙන බව අවිවාදයෙන් කිව හැක.
" සිංහල නවකතාවලත් ප්‍රගතිය හා සමාන්තරව දියුණු නොවූ නිර්මාණාත්මක විශේෂයකි සිංහල කෙටිකතාව.කොටින්ම කියනවා නම් ගුණදාස අමරසේකර ජී බී සේනානායක ලියු කතා සමහරක් හැරුණු විට මෙතෙක් සිංහලෙන් පළමු උසස් කෙටිකතාවක් නොදක්නා තරම්ය .මෑතකදී කියවන්නට ලැබුණු කෙටිකතා වල කතා වලින් බොහොමයක් පාසල් දරුවන්ගේ සංකල්පනා රචනා බඳු අති සරල ප්‍රබන්ධ ලෙස අර්ථකථනය කිරීමට සිදුව ඇත .අප ඇසුරු කරන්නන් සතු අපට අවිෂය චරිත ලක්ෂණ විෂය ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් අධිකය.මිනිස් සිතෙහි යටකී ගුණ පක්ෂය විභාග කිරීම තරම් සුරදූත කාරියක් තවත් නැත.දෙව් දුන්නක පැහැර වෙන්කොට දැකීම තරම් අපහසු එම කාරිය කළ හැක්කේ ප්‍රතිභාසම්පන්න කතා කරුවෙකුට පමණි ."
කෘතිය අවසානයෙහි සමකාලීන කෙටිකතා කාර්යයන් වල ස්වභාවය පිළිබඳව විස්තර වනුයේ ඉහත පරිදිය . ඒ අනුව එම නිර්ණායක අනුව යමින් ඉතාමත් සාර්ථක ලෙස කෙටිකතා තුළ පවත්නා අභියෝග ජය ගත් කතු රේගු ලෙස වීරසේන මුතුහෙට්ටි කතුවරයා ව පෙන්වා දිය හැක.
Comments
Post a Comment