ඇයට මෙසේ ලියූ වගයි
"ඔබ හිතා මතා කියන දේ මා සිත විජහනියෙන් කූද්දයි.ඔබ වෙත මා කෙරේ සැඟවුන බයක් ඇතැයි කීම මගේ සිත නැමැති පත්ලෙහි දෝනා කපන ඉල්ලම් කූරකි.මවෙත ඔබ කෙරෙහි ආදරයක් අට ගත්තේ අහම්බෙනි .එහි උණුහුමෙන් මා අමුතු ලෝකයකට ගොඩ බට සේය.ඒ උණුහුම කොතෙක් කල් රැඳී පවතී විද? ඒ රැස් ගිය කල මා ආයෙත් ඉස්සරින් හිටියා වගේම වේද?එහෙත් නො එළඹි දෙයක් පිළිබඳව සිත සිතා සිත නරක් කර ගන්නේ කුමට දැයි මම කෙළවර සිතමි ."
තරුණයෙක්ගේ චිත්ත සන්තානය තුළ තරුණියක් පිළිබඳව හටගන්නා උණුසුම් චිත්ත ධාරාවන් රාශියක් එම තරුණයාගේ දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කිරීම ඇයට මෙසේ ලියු වගයි කෘතියෙන් ගෙනහැර දක්වයි .කෘතිය තුළ එක්තරා ගැමි භාෂාවකට අයත් වචන භාවිතා වන බවට උදාහරණයක් ලෙස "ආදරයක් අට ගත්තේ අහම්බෙනි "වැනි අවස්ථා පෙන්වා දිය හැක .හටගන්නා යන වචනයට අටගන්නා ලෙස භාවිතා කොට ඇති ආකාරය ඉහත පරිදි පෙනී යයි .
මෙම කෘතිය සිරි සේනානායක විසින් රචිත හා දීපානි ප්‍රකාශකයින් විසින් ප්‍රකාශයට පත් කොට ඇති කෘතියක් වේ.1969 ජූලි මාසයෙහි රචිත මෙම කෘතියෙහි අයිතිය කතෘ සතුවේ.මුදිතා නැමැති තරුණියක් අමතා මෙහි නිරන්තරයෙන් කරුණු පවසා තිබේ .මෙය මූලික වශයෙන් හා ප්‍රධාන වශයෙන්ම තරුණයෙක්ගේ චිත්ත සංතානයේ ඇතිවන සිතුවිලි පාදක කොටගෙන සිදු කරන ප්‍රකාශයකි.
එකල දෙවිසි වියේ පසුවන සේනානායකයන් උපන්නේ කොළඹින් හැතැම්ම 25 ක් විතර ඈතින් පිහිටි පාදුක්කේ අංගම්පිටියේය. ගමෙහි විසීමෙන් ම ලත් අත්දැකීම් ඇති ඔවුහු අලුත් යමක් කිරීමට වෑයම් කර ඇත.පරිණත බුද්ධිය ඉක්මවා කොලු කම් ඉස්මතු වූ තැන් සමහර විට මෙම කෘතිය තුල සහෘදයා දකී
Comments
Post a Comment