වරිච්චි බිත්ති
ඇන් බැනට් කුරේ විසින් රචිත වරිච්චි බිත්ති කෘතිය මයුර printers ප්‍රකාශනයකි .එමෙන්ම මෙම කෘතිය ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මන්ඩලය අනුග්‍රහයෙන් මුද්‍රාපිතය.1986 රචිත මෙම කෘතිය ලාංකේය සාමාන්‍ය ජන ජනජීවිතය මැනැවින් ප්‍රකට කරනනවකතා කෘතියකි .ප්‍රේමය, අධ්‍යාපනය, පවුල ,ආර්ථිකය ඇතුළු විවිධ වැදගත් අංග රාශියක් පිළිබඳව ම දුගී පවුලක දෘෂ්ටියෙන් විමසා බැලීමට වරිච්චි බිත්ති කෘතිය සමත් වී ඇත.
"බැනට් කුරේ ගේ වරිච්චි බිත්ති අත් පොත එක හුස්මට කියවන්නට තරම් ආසාවකුත් කියවූවා ඉන් පසුව ඒ පිළිබඳව දිගට සිතන්නට කුතුහලයකුත් මා තුළ නම් ඇති වුණා .ඒ හා සමාන වින්දනයක් මේ නවකතාව කියවන ලොකු කුඩා කාටත් ඇතිවෙන බව සිකුරුයි .වරිච්චි බිත්තියෙ තේමාව බොහොම රසවත් චරිත කාටත් පාහේ සමාජයම නොගැසෙන ඒවා .පරිසරය තරුණ තරුණියන්ට වගේම නැතිබැරි කාටත් භුක්ති විදලා හරි දැකලා හරි පුරුදුයි .ඒ උනාට බැනට් කුරේ මේ සියල්ල අපේ නෙතට ගතට හිත ට යොමු කරන අන්දමයි අගේ.වරිච්චි බිත්ති වගේම තව තවත් කෘති බිහි කිරීමට බැනට් කුරේ වැනි මැවීමේ කුසලතාවය ඇති අයට හැකි තරම් දිරිදීම රසිකයින්ගේ යුතුකමක් "
ඉහත දක්වා ඇත්තේ මෙම කෘතිය පිළිබඳව ටී බී ඉලංගරත්න මහතා දක්වා ඇති අදහසකි .ඔහු පෙන්වා දී ඇති මැවීමේ කලාව ට උපන් හපන් දක්ෂතාවයක් බැනට් කුරේ මහතාට ඇති බව නම් සැබෑවකි.
Comments
Post a Comment