තවලම් කාරයෝ


 "නූතන කෙටි කතාවේ නියම මාවත සිංහල පාඨකයාට හඳුන්වා දුන් මාර්ටින් වික්‍රමසිංහ මහතාට මෙම කතා එකතුව ගෞරවයෙන් පිරිනැමෙයි " ලෙස පිදුම් එහි බිංදු මෙහි සඳහන් කරමින් මඩවල එස් ඇස් රත්නායකයන් විසින් රචිත තවනම් කාරයෝ කෙටිකතා සංග්‍රහය ඉතා රසබර වූවකි .කෘතියෙහි පිට කවරයේ නිර්මාණය කොට ඇත්තේ මහගමසේකරයන් විසිනි.1965 සීමාසහිත සමන් ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කොට ඇති තවලම් කාරයෝ කෙටි කතා සංග්‍රහය කෙටිකතා 10 කින් සමන්විත වේ.

තවලම් කාරයෝ 

නන්දෙ වෙතටයි 

නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල්

ඡන්ද පොළ

ඉස්කෝලේ හාමිනේ 

විප්ලවය

තරු එළිය 

කොළපත් පිඟාන 

මාළු දඩයම 

තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් නම් කෙටිකතා ඒ අතර වේ.තවලම් කාරයෝ කෙටිකතා සංග්‍රහය පිළිබඳව පිළිබඳව ලංකාදීප සහ දවස පුවත්පත් කර්තෘ වූ වූ ඉදිරිපත් කොට ඇති විචාර කෘතියෙහි අවසාන පිටෙහි සඳහන් වේ .

"උදේට කන්තෝරු යනවා හවසට බෝඩිමට එනවා ඇඳුම් ලෙහලා දාලා හුලං ගැහෙන්න ටිකක් වෙලා බැල්කනිය උඩට වෙලා ඉඳලා ආයෙමත් කාමරයට ඇදෙනවා.ඊට පස්සේ පොතක් කියවනවා නැත්නම් ඔය බහුබූතයක් ලිය ලියා දෙගොඩහරි යක් වන තුරු නිදි මරනවා.සෙක්කුවේ බැඳපු ගොනෙකුගේ ගමන වාගේ මගේ ජීවිතය අවුරුදු ගාණක්ම ගෙවිලා ගියේ ඔන්න ඔහොමයි.ඉතින් මේ ඒකාකාර ජීවිතේ අමුත්තක් නැද්ද මට ඒ විදියට කල්පනා වෙන්න පටන් ගත්තෙ මග හිසකෙස් තැනින් තැන පැහෙන්න උනාට පස්සේ .අමුත්තක් තියෙන්න පුළුවනි යැයි තවත් අවුරුද්දක් මං හිතන්න ඇති .මේ දවස් වෙනකොට මගේ හිසකෙස් තවත් පැහුන ."

තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කෙටිකතාව කෙටි කතාව ආරම්භ වන්නේ ඉහත් ආකාරයෙනි.පුද්ගල ජීවිතයේ ස්වභාවය සහ ඇතැම් අවස්ථාවල ඒ තුළ පවත්නා ඒකාකාරී භාවය සහ පුද්ගල සිතුවිලි වල ඇතිවන යම් යම් අඩු පාඩු හේතුවෙන් කාලය ගතවීම සිදුවන මුත් ඒ තුළ තමා ජීවත්ව ඇති බව නොවැටහෙන අවස්ථා පිළිබඳව කෘතිය තුළ සියුම්ව සංස්පර්ශ ණ ය කොට ඇත .ඒ අනුව පුද්ගල ජීවිතය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට කැමති කැමති සියල්ලෝ ම කියවිය යුතු කෘතියක් ලෙස තවලම් කාරයෝ කෙටිකතා සංග්‍රහය පෙන්වා දිය හැක .

Comments

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම