හදෙන් වැහුණු තරු

 


1967 ජූනි මාසයෙහි රචිත හඳෙන් වැහුණු තරු කෘතිය කේ ඩී විජයවර්ධන මහතාගේ රචනයකි .ගංගොඩවිල දීපානි ප්‍රකාශකයින් විසින් ප්‍රකාශයට පත් කොට ඇති මෙම නවකතා කෘතිය  සමාජ බහුවිධතාවය සහ පුද්ගල චිත්ත සන්තානයෙහි පවත්නා සිතුම් පැතුම් ක්‍රියාවන් ලෙසට පරිවර්තනය වීමේදී සිදුවන විපර්යාසයන් පිළිබඳව මනා ලෙස අවබෝධයක් ලබා දෙන කෘතියක් ලෙස පෙන්වා දිය හැක.

"සියලු දෙනාටම යළිත් ආචාර කළ මනාල යුවළ කොළඹ බලා පිටත් වූවෝය.බියගුළු ගතියකින් සිටි මනමාලියේ වාහනය පණ ගන්වන විට කතා කළාය.මහත්මයා මාව රැවැට්ටුවා නේද ? නෑ එම්ලි. එම්ලීයී ගමයි මට රැවටුනා . දැන් ඉතින් අපි හිතේ හැටියට ජීවත් වෙමු. එම්ලීගෙ බණ්ඩයියා එම්ලීට හම්බ උනා නේ.හරිම බණ්ඩයියා යැයි බොළඳ ස්වරයකින් තෙපලූ ඈ ඔහුගේ උරහිසට හේත්තු වී අලුත් ලොවට පා තැබීමට සිතා ගත්තාය .නෝමන් සිය නිවස බලා රිය පැද පැදවිය හැම සිතුවිල්ලකින් ම ජයගත් නෝමන් සිය මනාලිය සමඟ ගෙට ඇතුළු වූයේ නැලවෙන රඟදෙන මඟුල් උයනට මගුල් උයන කොට පිවිසෙන්නාක් මෙනි. "

පුද්ගල චිත්ත සන්තානයන්හි පවත්නා සිතුවිලි යනාදිය නිරන්තරයෙන් වෙනස් වන බවත් සෑම ක්‍රියාවක්ම සිතුවිල්ලක කුමක් හෝ ප්‍රතිඵලයක් බවත් හැඟවීමට කෘතිය තුළ නිරන්තරයෙන්ම උත්සාහ දරා ඇත.පුද්ගලයන්ගේ අභිලාශයන් කුමක් වුව ද ඔවුන් ඒ කෙරෙහි කෙතරම් වෙහෙස වුවද යම් විටෙක දී ස්වභාව ලෝකයේ නීති රීති තම උත්සාහයන්ට ඉහළින් ක්‍රියාත්මක වන අවස්ථාවකදී ඒ පිළිබඳව තමන්ට සිදුකළ සිදුකළ හැකි කිසිවක් නොමැති බව කෘතිය තුළින් පැහැදිලි කරයි .

Comments

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම