හෙටක් නැති ලොවක්?
"අඹ යහළුවෝ"යොවුන් නව කතාවෙන් අප සිත් වශී කළ ටී. බී. ඉලංගරත්නයන්ගේ රසවත් නවකතාවක් ලෙස හෙටක් නැති ලොවක්? කෘතිය පෙන්වා දිය හැක.
"හුඟක් දුර දිග ගිහින්ද රොමානිස්?"මැතිණිය ඇහුවා.
"මං හිතන්නේ නෑ, මැතිණිය,චොකලට් පෙත්තකට ගංගා කෙල්ලයි මගේ පොඩි එකයි පොර කනවා දැකලා මං ගහලා ඇහුවා. ඒ පාර කිව්වා පුංචි මහත්තයෙක් දුන්න කියල.ඊයේ පුංචි මහත්තයා ඇවිල්ලා තියෙන්නෙ අපේ ගෙදර එක්කෙනා පාන්දර ඉස්පිරිතාලෙ වැඩට පිටත් වෙලා යනවත් එක්කම. පොඩි එකත් ඉඳල තියනව. මම ගේට්ටුවෙ මුර."රොමානිස් කසුකුසුවෙන් කීවා.
"උඹ ඉතින් ඕක ගැන අණ බෙර ගහන්ට එපා"
"අනේ මැතිණිය අපට පුළුවන්ද උඩ බලාගෙන කෙළ ගහන්ට? ඒක තමයි කිසි කලබලයක් කරන්නෙ නැතුව මම මේ ආවේ ඔබවහන්සේලාට කියන්නට"
"හොඳයි රොමානිස් උඹ කෙල්ල පරෙස්සන් කරගනිල්ලා. අපි ඒ පුංචි මහත්තයා හදාගන්නම්"පුණ්‍යතිලක කීවා.
ගංගා නමැති අඩු කුලයේ කෙල්ලක සහ සිසිර ,කීර්ති නැමැති නවක මිතුරු නීතිඥවරුන් දෙදෙනෙකු ගේ ප්‍රේම අන්දරය ,නම්බුකාර පුණ්‍යතිලක පවුල අතර දෝලනය වන අපූර්ව සිද්ධිදාමයක් මෙම කෘතිය තුළ සාකච්ඡාවට බඳුන් වේ. සමාජ සීමා, සංස්කෘතික සීමා හෝ කුමන සීමාවක්තිතිබුණද මිනිස් හැඟීම් සීමා කළ නොහැකි බව ප්‍රවේසමෙන් මෙම කෘතිය පරිශීලනය කරන්නෙකුට පැහැදිලි වේ.කීර්ති නැමැති කුලවත් නීතිඥ තරුණයා නිසා ගැබ්බර වන ගංගා සමාජ අපවාදයට ලක් වී දරුවාව මරා දමන නමුත් අවසානයේ මහා සිද්ධි දාමයකින් පසු කීර්ති හා විවාහ වී සතුටින් ජීවිතය ගෙවයි.අව්‍යාජ මානුෂ හැඟීම් අවස්ථානෝචිතව ඉදිරිපත් කිරීමට කතුවරයා ගෙන ඇති උත්සාහය සැබැවින්ම ප්‍රශංසනීය ය. කෘති ආරම්භයේ 'වචනයක්' ලෙස දක්වමින් කතුවරයා මෙවැනි අපූරු කියමනක් ඉදිරිපත් කරයි.
ඔය උපතයි විපතයි අතර තුළ තියෙන මිනිස් ජීවිතයේ භේදභින්න තමයි දරුණු. ඒවා ඇතිවෙන්නේ මනුස්සයා විහින්ම බැඳගන්න වැටවල්, හදාගත්ත ඉනිමං, කපාගන්න වලවල් හින්දයි. ඒවායින් තමයි පැලැන්ති හට ගන්නේ.පැලැන්ති නැතිදාට- අර විහින් හදාගත්ත වැටවල්, ඉනිමං, වලවල් නැති කර ගත්දාට- මිනිස් ලොවේ කරදර බොහොම දුරට අඩුවෙයි. එහෙම ලොවක් උදා වෙන්නෙම නැද්ද?


👌👍👍
ReplyDeleteSha niyamai
ReplyDelete👍👍👍👍👍
ReplyDeleteNice work
ReplyDelete🖤❤
ReplyDelete😍😍
ReplyDeleteGood Article..
ReplyDelete