චිත්‍ර වධය

 



ලෝකයේ මරණීය දණ්ඩනය දීම ආරම්භ වූ ආකාරය, එහි විවිධ ක්‍රම සහ මරණ දණ්ඩනය ආශ්‍රිත තවත් බොහෝ කරුණු අනාවරණය කරන වැදගත් පර්යේෂණාත්මක කෘතියක් ලෙස චිත්‍ර වධය කෘතිය පෙන්වා දිය හැකිය.ලංකා විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු වන සී. එච්. එස්. ජයවර්ධන මහතා විසින් 1964 දී මෙම කෘතිය රචනා කර ඇත.පරිච්ඡේද 12 කින් සමන්විත මෙම කෘතියේ දක්වන්නෙ සමාජ තත්ත්වය මත මරණ දඬුවම් වර්ග ක්‍රියාත්මක වන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට බොහෝවිට වෙනස් වන බවයි.

 දැනුදු ප්‍රංසයෙහි පවත්නා ගිලටීන් ක්‍රමයෙන් කෙරෙන්නේද හිස ගසා දැමීම පමණක් ම බවත්,මරණයට නියමවූ සියල්ලටම සම සේ මෙම එකම දඬුවමට ලබාගැනීමේ වරප්‍රසාද සලසන එක එකම රට ප්‍රරංසය බවත් මෙහිදී කිව යුතුය.නිලධාරීන් විසින් වරදට පත් වන අය සමාජ තත්ත්වය අනුව වෙනස් වෙනස් විදියෙ මරණ දඬුවම් වලට කැප කිරීම අසාධාරණ බැව් මුල් කාලයේ එරට වරින් වර පහළ වූ විප්ලවයන් ගෙන් මහජනයා තේරුම් ගැනීම මෙයට හේතුවිය හැකිය .මරණ දඬුවමට පැමිණිය යුතු කිසියම් වරදකට හසු වූ පුද්ගලයා කවර සමාජ තත්ත්වයක් ඇති කුමන පුද්ගලයෙක් හෝ වේවා ඔහු එම තත්ත්වයට පත් අනෙක් වරදකරුවෙකුට වඩා උසස් බවක් හෝ පහත් බවක් ඇත්තෙක් වශයෙන් සැලකීම සිරිතක් එහි නැත්තේය.වර්ෂ 1917 දී බෙල්ජියමේ සාමාන්‍ය අපරාධකාරයකු ගේ හිස ගැසීම සඳහා යොදා ගන්නා ලද්දේ තාවකාලිකව ප්‍රංශයෙන් ගෙන්වාගත් ගිලටීන් යන්ත්‍රයක් බැව් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේය.

එල්ලීම, චක්‍ර වදය, ගෑස් කාමරයට දැමීම, සිව් කඩ කිරීම, විදුලි සැර විද මැරීම, හිස ගසා දැමීම ඇතුළු මරණ ක්‍රම රාශියක් මෙම කෘතිය තුළ සාකච්ඡාවට බඳුන් වේ. අතීතයේ දී මරණයම පමණක් නොව නොමරා මරණ ක්‍රම ද තිබූ බව පහත ඡේදයෙන් පැහැදිලි වේ.

ලන්දේසීන් ද මෙබඳු ක්‍රමයක් භාවිතා කළ බැව් කියතත් ඔවුහු අපරාධකරුවන් වෙනුවෙන් එය පාවිච්චි නොකළහ .ඔවුන් එය අනුගමනය කළේ වටලන ලද කොළඹ කොටුව තුළ විසූ මිනිසුන් පැන යාම වැළැක්වීම සඳහාය .කොළඹ කොටුව වැටලූ අවස්ථාවේ දී දරුවන් සහිත මවුන් පැන යාමට තැත් කොට අසූ කල්හි සාහසිකව බවට පත් වූ ඔවුන්,  දරුවන් ඇකයෙන් ඉවතට ගෙන වංගෙඩි වලට බහා මව්වරුන් ලවා කෙට වූ නමුත් මෑණිවරුන් මරණයට පත් නොකළ බවත් තමන් කළ තිරිසන් ක්‍රියාව සිහි කොට තව තවත් තැවීම සඳහා ජීවත් වීමට සැලැස් වූ බවත් සඳහන් වී ඇත්තේය.

ලෝක ඉතිහාසයේ ඇඟ කිලිපොලා යන තැන් කියවීමට කැමැත්තන් මෙන්ම  මරණ දඬුවමට ලක්වන්නන් ගැන සානුකම්පිතව බැලීමට කැමැත්තෙකු මෙම කෘතිය අනිවාර්යෙන්ම කියවිය යුතුය.









Comments

Post a Comment

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම