රන් කලය

 



ධර්ම ශ්‍රී ගුණපාලයන් විසින් 1973 වර්ෂයෙහි රචිත රන් කලය කෙටිකතා සංග්‍රහය, ලාංකීය ගැමි සුවඳ විදීමට කැමැත්තහු විසින් කියවිය යුතුම කෘතියකි. එවක මෙම කෘතියෙහි මිල රුපියල් හතරකි."මේ කතා කියවන ඔබට ඔබේ අතීතය ඇසුරින් කතාවක්වත් සිහිගැන්වූ වුණොත් මට ඒ ඇති."ලෙස ධර්මශ්‍රීී ගුණපාලයන් පෙරවදනෙහිි දක්වා ඇත. කෘතියෙහි එන,

  • අම්මගේ අගේ
  • ගමට ගියා
  • කන්දෙ නැන්දා
  • හැර මඟ
  • බාප්පා
  • සරම් හාමුදුරුවෝ
  • හේවා රාළ
  • පලා යාම
  • කුඩා විදානේ
  • හැරමිටි සීයා
  • ගම් පාළුව 
යන කෙටිි කතා කතා කියවන විට කතුවරයා විසින් පෙරවදන හි දක්වා ඇති පාඨයේ ඇති අව්‍යාජත්වය මැනවින් පිළිබිඹු වේ. ඇතැම් විටෙක නූතන සමාජ සම්මතයට එහා ගිය සමකාලීන සමාජ සිද්ධීන් පවා මෙම කෘතියෙහි විග්‍රහ වේ.

"සුවාරිස් අප්පු"
"ඇයි විදානෙ මහත්තයා"
"අර මුල්ලෙ තියෙන කැටය ගලවලා එය කඩා සත පනහේ රිදී කාසි ගණින්න හොඳයි."
සීයා ඇටය කැඩුවා. කාසි ගැන්නා.
"කීයද ? සුවාරිස් අප්පු?"
"හැට එකයි විදානෙ මහත්තයා"
"එහෙනම් සුවාරිස් අප්පු දැනගන්න හොඳයි ඔයෙ මං ආශ්‍රය කරපු ගැහැණු ගණනයි."
"අර පෙට්ටගමෙ ඒ ඇති පරණ පොල් කැටයක රිදී රුපියලේ කාසි ගොන්නක්! ඒකත් ගන්නවා හොඳයි! ගැණලත් බලන්න"
"ගාන කීයද?"
"විසි තුනයි"
"ආ එහෙනම් සුවාරිස් අප්පු ඔය ගානට මගේ ළමයි ඉන්නවා මා දැනුවත්ව විතරක්, දැනගන්න හොඳයි"

Comments

Post a Comment

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම