කලිසම සහ සුකුමාරි


                                                                       

කලිසම සහ සුකුමාරි 1968 වර්ෂයේදි මායා රංජන් කතුවරයා විසින් ලියන ලද කෘතියකි.සීමාසහිත M.D.ගුණසේන සහ සමාගම විසින් ප්‍රකාශයට පත්  කොට ඇති මෙම කෘතිය ලාංකීය සමාජය ක්‍රම ක්‍රමයෙන් යුරෝපීයකරණයට ලක් වීමේදී සිදු වන අපූරු සිදුවීම්, ඇතැම් විටෙක උපහාසයෙන්ද තවත් විටෙක සියුම් හැගීම් සංස්පර්ෂණය කරමින්ද ඉදිරිපත් කරයි . ඒ බව පහත උදාහරණයෙන් පැහැදිලි වේ . 

                    "ලියංඩ කියංඩ බැරි වුනත් කමක් නෑ     .කතුර වගේ කතාව තමා ඕනෑ .හැබැයි බැරි වෙලාවත් ගමන බිමනක දී  සමාජයේ දී ඉංග්‍රීසියෙන් මිස සිංහලෙන් වචනයක්වත් දොඩන්න එපා.සිංහල නම් ගම් වුනත් ඉංග්‍රීසි තාලෙට සද්ද කරලා කියන්ඩ ඕනෑ."

                    "ඒ කොහොමද ?"

                    "  හරියට තමන්ට ඉංග්‍රීසි මිස හිංගල කටට හුරු නැතුවා වගේ පෙනෙන්ඩ. "මම කලම්බු ගියා ,හෙට නිගම්බු යනවා ,fපාදර් අකමැති උනාට අපි ඩෝන්ට් කෙයාර් ,මගේ මැරේජ් එක මම කරනවා "ඔන්න ඔහොම සිංහල වචන මැදට ඉංග්‍රීසි වචන දැම්ම එක වැඩක්."

ගම්බදව සිට නගරයට පැමිණි උගත් තරුණයෙකුට තමා කලිසම වෙනුවට සරම ඇඳීම නිසා කිසිදු මනාලියක කැමති නොවීම ආශ්‍රිත උපහාසාත්මක මෙන්ම සංවේදී කතා ප්‍රවෘත්තියක් මෙම කෘතියෙහි දැක්වේ.

අවහිරතා මධ්‍යයේ වුවද තමාගේ පුහු මානය වෙනුවෙන් අන්‍ය සංස්කෘතියක් බලෙන්ම ස්ව සංස්කෘතියට ඔබ්බවා ගෙන, මිනිසුන් විදින්නා මෙන් පෙන්වන විඳවන ජීවිතය පිළිබඳව මෙම කෘතිය පරිශීලනයෙන් මනා අවබෝධයක් ලබාගත හැක.

        

Comments

  1. very interesting !

    ReplyDelete
  2. Very well explanations and you're doing good keep it up 🙌🙌

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සීතල ගනන්

චාරිකා

කරුණාව සොයා යාම